පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු නිල සුනඛ අංශයේ සිටින සුනඛයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සුනඛයන් නඩත්තු කිරීම සඳහා වර්ෂයකට වැයකරන මුදල කොපමණද;
(iii) උක්ත සුනඛයන්ගෙන් ගනු ලබන ප‍්‍රයෝජන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පොලිස් දෙපාර්තමේන්තුවට තවත් සුනඛයන් විදේශයන්ගෙන් ගෙන්වීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 177යි. (එකසිය හැත්තෑහතකි.)
(ii) 2016 වර්ෂයේ මුළු වියදම රුපියල් මිලියන අනූදෙකයි හත්ලක්ෂ පනස් එක්දහස් එකසිය පනස්හයයි ශත හැටතුනකි. (රු.92,7,51,156.63)
(iii)
මේ ආදී වශයෙන් කාරණා රාශියකදී මේ නිල සුනඛයන් පාවිච්චි වෙනවා.
(ආ) (i) 2017 වර්ෂයට සුනඛයන් 50දෙනෙකු ආනයනය කිරීමට සැලසුම් කළ නමුත්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින්, ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර නොමැත.
එම සුනඛයන්ගේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා, ගරු කථානායකතුමනි. අප ලංකාව තුළ අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කළා. නමුත් එයින් නිෂ්පාදනය වන සුනඛයන් තවම සාර්ථක මදි. අප ඒ ව්‍යාපෘතිය සාර්ථක මට්ටමකට ගෙන එන කල් සුනඛයන් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එම නිසා මුදල් අමාත්‍යතුමා සමඟ කතා කරලා එම මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා.
(ii) දැනට පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks