පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1068/’16
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පණිවුඩකරුවන් ඒකාබද්ධ සේවයට අයත් බවත්;
(ii) පණිවුඩකරුවන් සෘජුව බඳවා ගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පණිවුඩකරුවන් බඳවා ගැනීම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා ගෙන තිබේද;
(ii) එසේ නම්, එම අවසරය ලැබුනු දිනය කවරේද;
(iii) එකී අවසරය ලබා දුන් ලිපියේ පිටපතක් සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පණිවුඩකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (පරිපාලන) ගේ ප්‍රධානත්වයෙන්ද;
(ii) එසේ නම්, එකී සම්මුඛ පරීක්ෂණ පවත්වන අවස්ථාව වනවිටත් එකී නිලධාරියා වැඩ තහනමට ලක්ව සිටි බව පිළිගන්නේද;
(iii) වැඩ තහනමට ලක්වූ නිලධාරියෙකු සේවයේ යෙදී සිටින්නේ කෙසේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-04-06
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දුම්රිය දෙපාර්තමේන්තුවේ, ඒකාබද්ධ සේවයට අයත් පණිවුඩකරුවෝ මෙන්ම ඒකාබද්ධ සේවයට අයත් නොවන දෙපාර්තමේන්තුගත පණිවුඩකරුවෝ ද සේවය කරති.
(ii) පණිවුඩකරුවන් බඳවා ගැනීම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගෙන ඇත.
(ආ) (i) ඔව්.
(ii) 2016.08.10 සහ 2016.09.30
(iii) ඔව්.
(ඇ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks