පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015.01.08 දිනට සමෘද්ධිලාභීන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015 වර්ෂයේදී දීප ව්‍යාප්තව සිදුකරන ලද සමෘද්ධි සමීක්ෂණ වාර්තාවට අනුව සමස්ත සමෘද්ධිලාභීන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත වාර්තාවට අනුව එක් එක් දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත වාර්තාව අනුව සමෘද්ධි ආධාර ලබාදීම කපා හැරෙන පවුල් සිටින්නේද;
(iv) එසේ නම්, සමෘද්ධි ආධාර ලබාදීම කපා හැරෙන පවුල් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-09
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(ආ) (i) 2015 ඔක්තෝබර් මස සමීක්ෂණය ආරම්භ කරන ලදි. එම මාසය තුළ සිටි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,456,583කි.
(ii) ඇමුණුම අංක 02 මඟින් දක්වා ඇත.
(iii) සමීක්ෂණය තුළින් එක්රැස් කර ගන්නා තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතී. අපි එම කටයුත්ත තව සුමානයකින් විතර අවසන් කරනවා. එම නිසා සමීක්ෂණය පාදක කර ගෙන සහනාධාර වැඩසටහනෙන් ඉවත් කරන පවුල් හා ඇතුළත් කරන පවුල් පිළිබඳව දැනට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. නමුත්, බොහොම ඉක්මනින් ඔබතුමන්ලාට එම තොරතුරු දැන ගන්න පුළුවන්.
(iv) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
ඇමුණුම් සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள்:
Annexes tabled:
පිළිතුරු දුන් දිනය
2017-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks