පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කනක හේරත් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජල නල දීර්ඝ කිරීම් සහ නව සම්බන්ධතා ලබා ගැනීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට ලබා දී ඇති ජල නල දීර්ඝ කිරීම් සහ නව සම්බන්ධතා සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත (ii) හි සඳහන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(iv) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වල්ගම හන්දියේ සිට දොඹේමඩ මාර්ගයේ ජල දිගුව, කටුපිටිය මාර්ගයේ ජල දිගුව, නාරම්බැද්ද මාර්ගයේ ජල දිගුව, පරපේ මාර්ගයේ ජල දිගුව සහ මුවපිටිය හලාගිරිය මාර්ගයේ ජල දිගුව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-07
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජල නළ දීර්ඝ කිරීම සඳහා 2016 වර්ෂය තුළ ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව - 42කි.
නව ජල සම්බන්ධන සඳහා 2016 වර්ෂය තුළ ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව - 429කි.
(ii) මේ වන විට ලබා දී ඇති ජල නළ දීර්ඝ කිරීම් සංඛ්‍යාව (2016 වර්ෂය තුළ) - 15කි.
මේ වන විට ලබා දී ඇති ජල සම්බන්ධන සංඛ්‍යාව (2016 වර්ෂය තුළ) මුදල් ගෙවීමෙන් අනතුරුව - 193 කි.
(ජල නල දීර්ඝ 42න් තාක්ෂණික යෝග්‍යතාවය ඇති ජල නළ දීර්ඝ කිරීම් 15ක වැඩ අවසන් කර එමඟින් ජල සම්බන්ධන ලබාදීමට කටයුතු යොදා ඇත.)
(iii) ඉහත I හි සඳහන් පරිදි 2016 වර්ෂය තුළ දී ලැබී ඇති ජල සම්බන්ධන ඉල්ලුම් පත් (429) සංඛ්‍යාවෙන් තාක්ෂණික ශක්‍යතාව ඇති ජල සම්බන්ධන 298 ක් සඳහා ඇස්තමේන්තු නිකුත් කර ඇති අතර, මුදල් ගෙවන ලද ජලසම්බන්ධන 193ක් සඳහා ජල සම්බන්ධන ලබා දී ඇත.
(iv) වල්ගම හන්දියේ සිට දොඹේමඩ දක්වා ජල දිගුව සඳහා ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැති අතර, රඹුක්කන - හිරිවඩුන්න ජල පවිත්‍රාගාරයේ හා බෙදාහැරීම් පද්ධතියේ වැඩිදියුණු කිරීම් සිදු කිරීමෙන් අනතුරුව ජල නළ දීර්ඝ කිරීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.
කටුපිටිය මාර්ගයේ ජල දිගුව සඳහා - තල්දෑව හන්දිය දක්වා මේ වන විට ජල නළ දීර්ඝ කිරීම් සිදු කර ඇත. මින් ඉදිරියට කටුපිටිය මාර්ගයේ ජල නළ දීර්ඝ කිරීම සඳහා ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැති අතර රඹුක්කන - හිරිවඩුන්න පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීමෙන් අනතුරුව වැඩිදුරටත් ජල නළ දීර්ඝ කිරීම් කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇත.
නාරංබැද්ද මාර්ගයේ ජල දිගුව - හිරිවඩුන්න - පොල්ගහවෙල මාර්ගයේ එරමිණිගොල්ල හල්පිටිය සිට දුනුකේවෙල හන්දිය දක්වා මේ වසරේ දී ජල නළ දීර්ඝ කිරීම සිදු කර ඇත. මින් ඉදිරියට නාරංබැද්ද මාර්ගයේ ජල නළ දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන කටයුතු සැලසුම් හා ක්‍රම සම්පාදන අංශය මඟින් සිදු කරමින් පවතී.
පරපේ මාර්ගයේ ජල දිගුව - පරපේ මාර්ගයේ පරපේ හන්දිය දක්වා ජල නළ දිගු කිරීම් සිදු කර ඇත. මින් ඉදිරියට පරපේ මාර්ගයේ ජල නළ දීර්ඝ කිරීම සඳහා ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැති අතර රඹුක්කන - හිරිවඩුන්න පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීමෙන් අනතුරුව සැලසුම් හා ක්‍රම සම්පාදන අංශය මඟින් ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.
මුවපිටිය හලාගිරිය මාර්ගයේ ජල දිගුව - මේ සඳහා තාක්ෂණික යෝග්‍යතාව අධ්‍යයනය කිරීමේ දී රක්ෂිත වනාන්තරයක් තුළින් කිලෝ මීටර් 1.5 පමණ ජල නළ එළිමට සිදුවන බැවින් රක්ෂිතය හරහා දීර්ඝ කිරීම් සිදු නොකර විකල්ප මාර්ග ඔස්සේ මෙම ජල නළ දිගුව සිදු කළ යුතුව ඇත. එනමුත් විකල්ප මාර්ගයන්හි යොදා ඇති බෙදා හැරිම් නළ මාර්ගවල ප්‍රමාණවත් ජල ධාරිතාවයක් නොමැති හෙයින් හිරිවඩුන්න ජල පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීම්වලින් අනතුරුව මෙම ජල නළ දීර්ඝ කිරීම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks