01

E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

1037/2017: Usage of funds allocated by Budget 2016 to build Emigration Resource Centers

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)          (i)      සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා 2016 අයවැයෙන් අමාත්‍යාංශයට වෙන් කරන ලද රුපියල් මිලියන 400 ක මුදලින් මේ වනවිට ඉදිකර ඇති  මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) එම මධ්‍යස්ථාන ඉදිකර ඇති දිස්ත්‍රික්ක සහ ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද; 

(iii) මෙම මධ්‍යස්ථානවලට ලබාදී ඇති සම්පත් කවරේද;

(iv) එම මධ්‍යස්ථානවල ආරම්භ කර ඇති පුහුණු වැඩසටහන් සංඛ්‍යාව කොපමණද; 

(v) ඒවායින් සේවය සපයා ඇති සංඛ්‍යාව කොපමණද; 

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ව්‍යාපෘතිය හේතුවෙන් විදේශ රැකියා සඳහා යොමුවන පුද්ගලයන්ගේ ගුණාත්මකභාවය වැඩි වූ ආකාරය කවරේද; 

(ii) මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා තිබේද;

(iii) නොඑසේ නම්, එය‍ට හේතු කවරේද; 

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks