පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගම්පහ දිස්ත්‍රික්කය අයත් වන්නේද;
(ii) එසේ නම්, එම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශය විසින් වෙන් කර ඇති මුදල කොපමණද;
(iii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2016 වර්ෂයේ අයවැයෙන් “මහ කොළඹ නාගරික ප්‍රවාහන හා සංවර්ධන ව්‍යාපෘතිය” සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 714ක මුදලින් ආරම්භ කර ඇති පිටත වටරවුම් හා දක්ෂිණ අධිවේගී මාර්ග ප්‍රවේශ පුළුල් කිරීමේ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත (i) හි සඳහන් ව්‍යාපෘති කවරේද;
(iii) සංවර්ධනය කර ඇති දුම්රිය මාර්ග හා බස් පර්යන්ත සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත (ii) හි සඳහන් ව්‍යාපෘති හේතුවෙන් මහජනතාවගේ ගමන් කාලය පැවති ප්‍රමාණයට වඩා කොපමණ ප්‍රමාණයකින් අඩු වී තිබේද;
(v) ඉහත (i)හි සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති නම්, ඒ සඳහා වෙන් කරන ලද මුදලට සිදුවූයේ කවරක්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-21
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නාගරික සංවර්ධන අධිකාරිය යටතේ - රුපියල් මිලියන 2,399.0
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ
සංස්ථාව යටතේ (අමාත්‍යාංශ ප්‍රතිපාදන) - රුපියල් මිලියන 1,220.0
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ
සංස්ථාව යටතේ (භාණ්ඩාගාර ප්‍රතිපාදන) - රුපියල් මිලියන 209.0
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතේ- රුපියල් මිලියන 4.9
එකතුව රුපියල් මිලියන 3,832.9
(iii) ඔව්.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ,
ගම්පහ මහනගර සභාව - ව්‍යාපෘති 1යි.
මෝලවත්ත බස් නැවතුම් පොළ ව්‍යාපෘතිය.
මහර ප්‍රාදේශීය සභාව - ව්‍යාපෘති 6යි.
මහර හන්දිය - පරිපාලන හා වාණිජ ගොඩනැඟිල්ල
එඬේරමුල්ල නගර සංවර්ධනය
බුත්පිටිය මං සන්ධිය සංවර්ධනය
ඉදිගහමුල මං සන්ධිය සංවර්ධනය
මල්වතුහිරිපිටිය ක්‍රීඩාංගණය සංවර්ධනය
ගොංගිතොට ප්‍රජාශාලාව සංවර්ධනය
දොම්පේ ප්‍රාදේශීය සභාව - ව්‍යාපෘති 1යි.
කිරිඳිවැල බස් නැවතුම් පොළ සංවර්ධනය
මීරිගම ප්‍රාදේශීය සභාව - ව්‍යාපෘති 4යි.
වාණිජ ගොඩනැඟිල්ල ඉදිකිරීම
මහජන චතුරශ්‍රය සංවර්ධනය
සතිපොළ සංවර්ධනය කිරීම
මහජන ක්‍රීඩා පිටිය සංවර්ධනය
පෑලියගොඩ නගර සභාව - ව්‍යාපෘති 1යි.
මැනිං වෙළඳ පොළ ප්‍රතිෂ්ඨාපනය.
ජා-ඇල ප්‍රාදේශීය සභාව - ව්‍යාපෘති 1යි.
රාගම නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ව්‍යාපෘති 17යි.
ඔලියමුල්ල පොම්ප ස්ථානය ඉදිකිරීම
දික්ඕවිට ගංවතුර ගේට්ටු ඉදිකිරීම
පෑලියගොඩ පවතින පොම්ප ස්ථානය වැඩිදියුණු කිරීම
කළු ඔය ද්‍රෝණියේ ඇළ මාර්ග නඩත්තු කිරීම
පොල්ගහ වැව රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු - රාගම - අදියර 2
මහර මුදුන් ඇළ පිරිසිදු කිරීම
ගම්පහ උද්භිද උද්‍යාන අත්තනගලු ඔය පිළිසකර කිරීම
හැමිල්ටන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම - මුතුරාජවෙල
හැමිල්ටන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම - මීගමුව
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට යාබද ඇළ මාර්ගය නඩත්තු කිරීම
වත්තල ඇවිදින මං තීරුව යාබද කළු ඇළ පිරිසිදු කිරීම.
බියගම ඇවිදින මං තීරුව යාබද ඇළ මාර්ග පිරිසිදු කිරීම / සංවර්ධනය කිරීම
මහර දිවුලපිටිය, කිරිබත්ගොඩ, වත්තල ඇවිදින මං තීරු යාබද කළු ඇළ පිරිසිදු කිරීම
උරුවල ඔය, ඔරුතොට, ගම්පහ ඇළ සංවර්ධන වැඩ
කළු ඔය ගංවතුර පාලනය හා පරිසර ප්‍රවර්ධන ව්‍යාපෘතිය
නාගරික තෙත්බිම් සංරක්ෂණය හා ඒ ආශ්‍රිත ජෛව ප්‍රජාව සංරක්ෂණය
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතේ,
මෙත්සිත් අරණ වැඩසටහන - ව්‍යාපෘති 3යි.
තායිලන්ත ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය (මාබිම සීවලී ආරණ්‍ය) - භාවනා කුටි ඉදිකිරීම
නාරන්වල ශ්‍රී සුමනකීර්තී මහ පිරිවෙන - බහුකාර්ය ගොඩනැඟිල්ල
මීවිටිගම්මන ශ්‍රී නාලීකේරාරාමය - බහුකාර්ය ගොඩනැඟිල්ල
ඊට අමතරව අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මුදල් යටතේ මහර මාර්ග 12යි, ගම්පහ මාර්ග 1යි.
(ආ) (i) ව්‍යාපෘති 4යි.
(ii) 1. කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ වැලිවිට පාර හා සුහද මාවත වැඩිදියුණු කිරීම (සංවර්ධන කටයුතු අවසන් කර ඇත.)
2. කොට්ටාව - පන්නිපිටිය පාර (පරණ පාර) වැඩිදියුණු කිරීම
(සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතී. සියයට 95ක් වැඩ නිම කර ඇත.)
3. කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
සියයට 54ක් ඉදිකිරීම් අවසන් කර ඇත.)
4. කොට්ටාව - මාලබේ පාර වැඩිදියුණු කිරීම (ඉඩම් අත්පත් කර ගැනීම් අවසන් කර ඇත. විදුලි රැහැන් පද්ධති, දුරකථන ජාල පද්ධති සහ ජල සැපයුම් මාර්ග ප්‍රතිස්ථාපනය ආරම්භ කිරීමට සූදානම් කර ඇත.)
(iii) දුම්රිය මාර්ග නැත. බස් පර්යන්ත සංඛ්‍යාව 01කි. කොට්ටාව මාකුඹුර ඉදිවෙමින් පවතී.
(iv) 1. කඩුවෙල - වැලිවිට පාර සංවර්ධන කටයුතු 2014 වසරේ ආරම්භ කර 2016 වසරේ අවසන් කරන ලදී.
ගමන් කාලය මිනිත්තු 16 සිට මිනිත්තු 07 දක්වා අඩුවීම
2. කොට්ටාව - පන්නිපිටිය මාර්ගයේ
3. පොදු ප්‍රවාහන සේවය සඳහා දිරිගැන්වීම අරමුණු කර ගනිමින් හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙසින් විධිමත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොට්ටාව, මාකුඹුරේ ඉදිකරමින් පවතී.
4. කොට්ටාව - මාලබේ මාර්ගය (අතුරුගිරිය පාර දක්වා කොටස)
(v) ඉහත සඳහන් පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී.
ඉහත සංවර්ධන කාර්යයන් සඳහා 2016 වසරේ වෙන්කරන ලද රුපියල් මිලියන 714කින් රුපියල් මිලියන 525ක වියදමක් දරා, 2016 වසරේ සියයට 73.4ක ප්‍රතිශතයක ප්‍රගතියක් ලබාගෙන ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks