01

E   |     |  

 දිනය: 2016-11-30   පිළිතුර ලබා දී ඇත 

1021/2016: Dry Zone Botanical Garden - Hambantota

ගරු ඩී. වී. චානක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානය ඉදිකිරීම සඳහා වැයකරන ලද මුළු මුදල කොපමණද;

            (ii)      එම උද්‍යානය ඉදිකර ඇත්තේ ‍පේරාදෙණිය, හග්ගල සහ සෙනරත්ගොඩ උද්‍යාන ඉදිකිරීමෙන් කොපමණ කාලයකට පසුවද;

(iii) එම උද්‍යානය විවෘත කිරීමෙන් පසු දේශීය සහ විදේශීය සංචාරකයන් අතර මහත් ආකර්ෂණයක් වූ බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත කී උද්‍යානයට අයත් භූමි භාගය චීන රජයට පවරාදීම සඳහා මූලික පිඹුරුපත් සකස් වෙමින් පවතින බව දන්නේද;

 (ii) එසේ පවරාදීමක් සිදු වුවහොත්, එම උද්‍යානය ඉදිකිරීම සඳහා වැයකරන ලද මුදල් සඳහා වගකියනු ලබන්නේ කවුරුන්ද;

 (iii) මෙම පවරාදීම වැළැක්වීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-30

අසන ලද්දේ

ගරු ඩී. වී. චානක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks