පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1009/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, එගොඩ කළුගමුව ජනපදයේ පදිංචිකරුවන් අතරින්, මේ වනවිට රජය මඟින් ස්ථිර ඔප්පු ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පදිංචිකරුවන් අතර, මෙතෙක් ඔප්පු ලබාදී නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එකී ජනපදයේ වසර පනහකට අධික කාලයක් පදිංචිවී සිටින ඉඩම්ලාභීන් සඳහා ඔප්පු ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-29
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔප්පු ලබාදී ඇති පවුල් සංඛ්‍යාව - 213
(ii) ඔප්පු ලබාදී නොමැති පවුල් සංඛ්‍යාව - 223
(ආ) ඔව්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks