01

E   |     |  

 දිනය: 2017-03-21   පිළිතුර ලබා දී ඇත 

1008/2017: ගරු මංගල සමරවීර මැතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල: වර්තමාන තත්ත්වය

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)          (i)       ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බැවින්, ප්‍රමුඛතා පදනමින් විමර්ශනය කරන මෙන් ඉල්ලමින් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් 2015.01.08 වැනි දින රාත්‍රියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව, 2015.01.14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්;

(ii) ඒ පිළිබඳව මවිසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු වාචික ප්‍රශ්නයකට 2016.03.09 වැනි දින පිළිතුරු දෙමින් නීතිය සහ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විසින් නීතිපති උපදෙස් නොලැබීමෙන් ඉදිරි කටයුතු ඇණහිට ඇතැයි පැවසූ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) එකී විමර්ශනය පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයාට ලැබුණු දිනය කවරේද;

(ii) එකී විමර්ශනය පිළිබඳ නීතිපති උපදෙස් පොලීසියට යැවූ දිනය කවරේද;

(iii) නීතිපති උපදෙස් මේ වනතෙක් යවා නොමැති නම්, ඊට බල පෑ හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-21

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවේ.

              (ii)      නැත.

                        විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගරු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා විසින් 2016.03.09 වන දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලද බව හැන්සාඩ් වාර්තාවේ සඳහන්ව ඇත.

 (ආ) (i) ඉසව්ගත විමර්ශනය පිළිබඳ වාර්තාවක් 2015 පෙබරවාරි මස 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

(ii) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන උධෘත පරීක්ෂා කිරීමෙන් පසු අපරාධ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇත්දැයි සලකා බැලීම සඳහා යම් යම් කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා විමර්ශන සටහන් උධෘතයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇත.

(iii) අදාළ වැඩිදුර විමර්ශන සටහන් උධෘත නීතිපතිතුමා වෙත ලැබුණු විට ඊට අදාළව නීතිපති උපදෙස් ලබා දීමට කටයුතු කරනු ඇත.

(ඇ)        පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-05-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාරතී දුෂ්මන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks