පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළම නමින් වෙනම රාජ්‍යයක් පිහිටුවීම සිය ප්‍රධාන අරමුණ කර ගත්, ජාත්‍යන්තරව පැතිරුණු දෙමළ ඊළාම් ආණ්ඩුව නමින් ආණ්ඩුවක්ද; මන්ත්‍රීවරු 135 දෙනෙකුගෙන් යුත් දෙමළ ඊළාම් ව්‍යවස්ථාදායක සභාව නමින් පාර්ලිමේන්තුවක්ද; විශ්වනාදන් රුද්‍රකුමාරන් නමැති පුද්ගලයෙකු පත් කර ගත් අගමැති ධූරයක්ද පවතින බව දන්නේද;
(ii) ඔස්ට්‍රේලියානු සහ ඩෙන්මාර්ක් ආණ්ඩු දෙමළ ඊළම නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස තම වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කළ බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ටිබෙට් සහ දෙමළ ඊළම සඳහා හැරුණු විට මෙවැනි භූමියක් නොමැති වෙනත් ආණ්ඩු තිබේද;
(ii) මෙම නීති විරෝධි ආණ්ඩුව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපයේ සක්‍රීයව කටයුතු කිරීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මංගල සමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks