01

E   |     |  

 දිනය: 2016-11-18   පිළිතුර ලබා දී ඇත 

1004/2016: සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනතාව සතුව තිබූ රත්‍රන් : විස්තර

ගරු වාසුදේව නානායක්කාර මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

(අ)         (i)       යුද්ධයෙන් පසුව සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනතාවට අයත් රත්‍රන් විශාල ප්‍රමාණයක් කවුරුන් හෝ භාරයේ තබා තිබේද;

(ii) මෙම රත්‍රන් තැන්පතු ගණනය කර තිබේද;

(iii) එම පුද්ගලයන්ගේ රත්‍රන් මෙතෙක් ඔවුන් වෙත යළි ලබා දී නොමැති බවට පැමිණිලි කර තිබේද;

(iv) ඉහත (i) සම්බන්ධයෙන් පවතින තොරතුරු කවරේද;

(v) එම හිමිකම්පෑම නිරාකරණය කිරීම සඳහා රජය මඟින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2016-11-18

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       යුද්ධයෙන් පසුව අවතැන්වූවන් සඳහා නවාතැන් පහසුකම් වවුනියාව දිස්ත්‍රික්කයේ ලබා දීමට කටයුතු සංවිධානය කරන ලදී. මෙම ජනතාවගේ දේපළ හා ආභරණ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ඒ පිළිබඳ විස්තරයක් ඔවුන් සතුව නොමැති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසා ඇත.

              (ii)       විස්තර නොමැත.

              (iii)       විස්තර නොමැත.

              (iv)       විස්තර නොමැත.

              (v)       මෙම අමාත්‍යාංශයට අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-05-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks