පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 සැප්තැම්බර් 24 දින යුද හමුදා රෝහලට ආධාර පිණිස “වායෝ” නමින් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබූ බවත්;
(ii) එකී සංදර්ශනය සඳහා යුද හමුදා රෝහලේ සේවය කරන මේජර් සහ ඉන් ඉහළ නිල දරන නිලධාරින්ට රු. 7,500/- ප්‍රවේශපත්‍ර දෙකක් ද, සෙසු නිල දරන නිලධාරින්ට රු. 7,500/- එක් ප්‍රවේශපත්‍රයක් ද මිලදී ගැනීම අනිවාර්ය කර තිබූ බවත්;
(iii) එවැනි ඉහළ මුදලක් ගෙවීමට නොහැකි වීමෙන් නිලධාරින් අසීරුතාවයට පත් වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ බලහත්කාරයෙන් ලබා ගත් මුදල් නැවත නිලධාරින්ට ගෙවීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-02
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම අනිවාර්ය කර නොතිබූ බව යුද්ධ හමුදාපතිතුමා වාර්තා කර ඇත. එම වායෝ සංගීත ප්‍රසංගය වෙනුවෙන් රු.7500.00ක් වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර 85ක් මුද්‍රණය කළ අතර, ඉන් ප්‍රවේශපත්‍ර 84ක් විශේෂඥ වෛද්‍ය නිලධාරින් හා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා ජනරාල් විසින් කිසිදු බල කිරීමකින් තොරව ස්ව කැමැත්තෙන් මිලදී ගෙන ඇත.
(iii) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks