පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
948/’16
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමෙන් පසු තලාව, තඹුත්තේගම, ගල්නෑව හා ඉපලෝගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සුසාන භූමි සඳහා වෙන් වූ භූමි භාගයන් ක්‍රමයෙන් අඩු වූ බවත්;
(ii) ඊට පිළියමක් ලෙස එම ප්‍රදේශ වෙනුවෙන් ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ජනතාව ඔබ අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ඉල්ලීම ඉටුකිරීම සඳහා, 2014 වර්ෂය සඳහා කලාවැව ආසනයේ සංවර්ධනය සඳහා වෙන්වූ ප්‍රතිපාදනවලින්, එප්පාවල සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ දිනය කවරේද;
(ii) ආදාහනාගාරය ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
(iii) එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇත්තේ මන්ද;
(iv) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කරන දිනය කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-23
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නොදනී.
(ii) ගරු දුමින්ද දිසානායක අමාත්‍යතුමා විසින් 2015.10.21 දිනැතිව ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇත.
(ආ) (i) 2014.12.24
(ii) පළමු අදියර සඳහා රුපියල් මිලියන 05ක් ලබා දෙන ලදී.
(iii) පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර ඇත. දෙවන අදියර යටතේ ඉදිකිරීම් සඳහා 2017 වසරේ ප්‍රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 05ක් වෙන් කර ඇත. එම ප්‍රතිපාදන එහි වැඩ අවසන් කිරීමට ප්‍රමාණවත් නොවන බැවින්, ඉතිරි වැඩ තුන්වන අදියර වශයෙන් නිම කිරීමට බලාපොරොත්තු වේ.
(iv) තුන්වන අදියර කටයුතු අවසන් වීමෙන් පසු විවෘත කරන දිනය තීරණය කළ යුතු වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks