01

E   |     |  

 දිනය: 2017-01-25   පිළිතුර ලබා දී ඇත 

0924/2017: ගාල්ල වරාය භූමිය බදු දීමේ ගිවිසුම: විස්තර

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ගාල්ල වරාය භූමිය බදුදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සී ගල්ෆ්           ෂිප්යාඩ් පුද්ගලික සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබේද;

             (ii)      එසේ නම්, එම දිනය කවරේද;

           (iii)      එම ගිවිසුම මේ දක්වා ක්‍රියාත්මක වන්නේද;

(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(v) එම ගිවිසුම සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-01-25

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ගාල්ල වරාය භූමිය බදු දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සී ගල්ෆ් ෂිප්යාර්ඩ් පුද්ගලික සමාගම අතර ගිවිසුමක් අත්සන් කර ඇත.

              (ii)       ගිවිසුම අත්සන් කරන ලද දිනය 2013.05.13 වේ.

             (iii)       ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවේ.

             (iv)       ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එළැඹි ගිවිසුම පරිදි ඉටු නොකළ පහත සඳහන් හේතු මත ගිවිසුම අවලංගු කරන ලදී.

1. ව්‍යාපෘතියට අදාළ සංවර්ධන සහතිකය ලබා නොදීම.

2. ගිවිසුම්ගත පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවිය යුතු බදු මුදල් නොගෙවීම.

* 2016.08.31 දිනට නෙගෙවූ බදු මුදල ඇමෙරිකානු ඩොලර් 378,546.04

* බදු පරිශ්‍රය යථාවත් කිරීමට වැය වන මුදල රුපියල් 608,300.00

3. වසර 03ක් ඉක්ම ගිය ද ව්‍යාපාරය ආරම්භ කිරීමට අපොහොසත් වීම.

4. අදාළ ප්‍රදේශය නිදහස් කිරීම වෙනුවෙන් නිම කළ යුතු අතිරේක සංවර්ධන කටයුතු පැහැර හැරීම.

(v) ගිවිසුම සභාගත කළ හැකිය. මා ඒ ගිවිසුම සභාගත* කරනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-01-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks