01

E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

0921/2017: නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදුව ඇති වංචා හා දූෂණ : පරීක්ෂණවල ප්‍රගතිය

921/’16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2011 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදුවී ඇති වංචා, දූෂණ සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේද;

(ii) එසේ නම්, එම එක් එක් පරීක්ෂණයේ ප්‍රගතිය කවරේද;

(iii) එම වංචා හා දූෂණවලට අමාත්‍යාංශ නිලධාරින් සම්බන්ධ බවට හඳුනාගෙන තිබේද;

(iv) එසේ නම්, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        ඊට අමතරව අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයතන මට්ටමෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ පවත්වනු ලබයි. තවද, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්ද පරීක්ෂණ පවත්වනු ලබයි.

(ii) ඇමුණුම I හි "ඈ" තීරය මඟින් හා ඇමුණුම II හි "ඇ" තීරය මඟින් දක්වා ඇත.

(iii) ඔව්.

(iv) ඇමුණුම I හි "ඉ" තීරය මඟින් හා ඇමුණුම II හි "ඈ" තීරය මඟින් මෙම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ඇතැම් නිලධාරින් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියා මාර්ග දක්වා ඇත. එසේම දැනට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් කරගෙන යනු ලබන ඉහත සඳහන් පරීක්ෂණ අවසානයේ ලබා දෙන තීරණ අනුව අමාත්‍යාංශය මඟින් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

(ආ) අදාළ නෙවේ.

 

ඇමුණුම් සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2017-07-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks