01

E   |     |  

 දිනය: 2016-11-16   පිළිතුර ලබා දී ඇත 

0913/2016: Year 5 Scholarship 2016 -redress to students who suffered due to shortcomings in Exam Centers

ගරු විජිත බේරුගොඩ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පසුගිය වසර පහක කාලය තුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය,

              (i)       සඳහා පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව;

             (ii)       සමත් ශිෂ්‍යයන් සංඛ්‍යාව;

           (iii)       සමත් ශිෂ්‍යයන් සංඛ්‍යාව, මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස;

            (iv)       සමත් ශිෂ්‍යයන් සංඛ්‍යාවෙන් ශිෂ්‍යාධාර ලැබෙන ශිෂ්‍යයන් සංඛ්‍යාව;

(v) සමත් ශිෂ්‍යයන් සංඛ්‍යාවෙන්, ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වූ ශිෂ්‍යයන් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය සහ එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2016 වසරේ අගෝස්තු මස පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේදී සමහර විභාග මධ්‍යස්ථානවල ගැටලු සහ අඩුපාඩු වාර්තා වූ බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එවැනි සිද්ධීන් වාර්තා වූ විභාග මධ්‍යස්ථාන කවරේද;

(iii) ඒ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද;

(iv) එම වගකිව යුතු පුද්ගලයන් සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේද;

(v) ගැටලුවලට මුහුණ පෑ ශිෂ්‍යයන්ට යම් අසාධාරණයක් සිදුවී ඇති බව පිළිගන්නේද;

(vi) එසේ නම්, එම ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-16

අසන ලද්දේ

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks