පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවක සංඛ්‍යාවට (cadre) අනුව අධිකාරියේ ස්ථිර තනතුරු සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත (i) හි සඳහන් තනතුරු කවරේද;
(iii) දැනට වැඩ බලන තත්ත්වයේ පවතින තනතුරු සංඛ්‍යාව කොපමණද;
(iv) එම තනතුරු කවරේද;
(v) වැඩබලන තනතුරු සඳහා ස්ථිර නිලධාරින් බඳවා ගැනීමට කටයුතු නොකිරීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ස්ථිර තනතුරු සංඛ්‍යාව 1,836කි.
(ii) ඇමුණුම* මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) වැඩ බලන තනතුරු 03කි.
(iv) සාමාන්‍යාධිකාරි.
සහකාර සාමාන්‍යාධිකාරි (නිවාස සංවර්ධන)
දිස්ත්‍රික් කළමනාකරු (කළුතර හා පුත්තලම)
(v) ඉහත (iv)හි සඳහන් කරන ලද තනතුරුවල පුරප්පාඩු පිරවීමට අවශ්‍ය පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සැලකිය යුතු කාල සීමාවක් ගත වන බැවින් ස්ථිර වශයෙන් නිලධාරින් පත් කිරීම ප්‍රමාද වී ඇත.
කෙසේ වුවද, මේ වන විට ඉහත සඳහන් වැඩ බලන තනතුරුවල පුරප්පාඩු අභ්‍යන්තර උසස්වීම් යටතේ සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks