01

E   |     |  

 දිනය: 2016-11-12   පිළිතුර ලබා දී ඇත 

0896/2016: Projects using Samurdhi Funds - Trincomalee District 2013-2014

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2013 සහ 2014 වර්ෂවල දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වෙන්කරන ලද මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

(ii) එම මුදල භාවිතා කරමින් කරන ලද ව්‍යාපෘති කවරේද;

(iii) ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුව වෙන් කළ මුදල වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත වර්ෂවලදී සිදු කරනලද ව්‍යාපෘති සඳහා විධිමත් මිලදී ගැනීම් පටිපාටියක් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේද;

(ii) මෙම වර්ෂවල මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කර තිබේද;

(iii) එසේ නම්, විගණන වාර්තා ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම මුදල් වෙන්කිරීම් නිසා මහජනතාවගේ ජීවන තත්ත්වයේ වෙනස් වීමක් සිදු වී තිබේද;

(ii) එසේ නම්, එම වෙනස්වීම් කවරේද;

(iii) ජීවන තත්ත්වයෙහි වැඩිදියුණු වීමක් සිදු වී ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-12

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks