01

E   |     |  

 දිනය: 2016-11-11   පිළිතුර ලබා දී ඇත 

0895/2016: Filling Vacancy of Samurdhi District Director Post - Trincomalee

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ තනතුර කොපමණ කාලයක සිට පුරප්පාඩුව පවතින්නේද;

              (ii)      පුරප්පාඩු කාල සීමාවේදී එම තනතුරෙහි වැඩබැලූ අයගේ නම්, සුදුසුකම් සහ වෙනත් විස්තර කවරේද;

(iii) මේ දක්වා ස්ථිර නිලධාරියෙක් පත් නොකිරීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම පුරප්පාඩුව පිරවීම සඳහා  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් විසින් නිලධාරියෙකු නිර්දේශ කරන ලද බවත්;

(ii) එම නිලධාරියා ශ්‍රී ලංකා සැලසුම් සේවයට අයත් වීම හේතුවෙන් දිවිනැගුම දෙපාර්තමේන්තුව එම නිර්දේශය අනුමත නොකළ බවත්;

(iii) එබැවින් එම තනතුර දිගින් දිගටම පුරප්පාඩු වී පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) ත්‍රිකුණාමලය දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ ධූරයේ පුරප්පාඩුව පිරවීම හෝ දිස්ත්‍රික් ලේකම් නිර්දේශ කළ නිලධාරියාට එම පත්වීම ලබාදීම හෝ මේ දක්වා සිදු නොකිරීමට හේතුව කවරේද;

(ii) දිස්ත්‍රික් ලේකම් විසින් නිර්දේශ කළ නිලධාරියාට එම පත්වීම පිරිනැමීමෙන් දිවිනැගුම වැඩසටහනට බාධාවක් සිදුවිය හැකිද;

(iii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් නිර්දේශ කළ නිලධාරියා ත්‍රිකුණාමලය දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ වශයෙන් පත් කිරීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-11

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks