01

E   |     |  

 දිනය: 2017-03-10   පිළිතුර ලබා දී ඇත 

0860/2017: ශ්‍රීමාලි ලසන්තිකා නවරත්න මහත්මිය: සහන

860/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකා යුධ හමුදාවේ, 06 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ, අංක 65954 යටතේ සේවය කරන, දික් ඇල්ල ලේකම්ගේ චමිත් අංජුල කුමාර ලේකම්ගේ යන නිලධාරියා හමුදා විනය නීති කඩකර ඇති බවත්;

(ii) මොහු පිළිබඳ ක්‍රියාත්මක වූ පරීක්ෂණ නිසියාකාරව සිදු නොවූ බවත්;

(iii) මේ හේතුවෙන් අගතියට පත් ඔහුගේ බිරිඳ වන ශ්‍රීමාලි ලසන්තිකා නවරත්න යන අයට අසාධාරණයක් සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) උක්ත නිලධාරියා පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන්නේද;

(ii) එසේ නම්, ඒ කවදා සිටද;

(iii) ශ්‍රීමාලි ලසන්තිකා නවරත්න යන අයට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධව ඇයට සහනයක් ලබාදීමට යුධ හමුදාව මැදිහත් වන්නේද;

(iv) එසේ නම්, ඒ කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. හමුදා විනය නීති කඩකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කර දඬුවම් කර ඇත. යුද හමුදා සේවා කාලය තුළ අනවසර විවාහවීම, යුද හමුදා ක්‍රමවේදයෙන් පරිබාහිරව දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම යන විනය නීති කඩ කර ඇත.

              (ii)      නැත. යුද්ධ හමුදා නීතිය අනුව පරීක්ෂණ විධිමත්ව හා විනිවිදභාවයකින් යුතුව සිදු කර ඇත.

(iii) නැත. යුද්ධ හමුදා නීතිය අනුව වැරදි සඳහා විනයානුකූලව කටයුතු කර දඬුවම් ලබාදී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ වන ශ්‍රීමාලි ලසන්තිකා නවරත්න යන අයට අසාධාරණයක් සිදුවී නොමැත.

(ආ) (i) නැත. දැනටමත් පරීක්ෂණ සිදු කර විනයානුකූලව පියවර ගෙන ඇති බැවින් නැවත පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

යුද්ධ හමුදාව වෙතින් ශ්‍රීමාලි ලසන්තිකා නවරත්න යන අයට අසාධාරණයක් සිදු වී නොමැති බැවින් ඇයගේ ගැටලු සඳහා සහනයක් ලබාදීමට යුද්ධ හමුදාවේ මැදිහත්වීමක් අවශ්‍ය නොවේ.

අදාළ නිලධාරියා සහ ඔහුගේ බිරිඳ අතර දැනට පවතින ආරවුල ඔවුන්ගේ විවාහක ජීවිතය පිළිබඳ පෞද්ගලික ගැටලුවක් බැවින්, ඒ පිළිබඳව කිසිදු ආකාරයකින් යුද්ධ හමුදාවට මැදිහත්වීමට හැකියාවක්ද නොමැත. එසේම අදාළ නිලධාරියා විසින් ශ්‍රීමාලි ලසන්තිකා නවරත්න යන අයට එරෙහිව 2014.04.22 දින අවිස්සාවේල්ල ගරු දිසා අධිකරණයේ අංක 7608/දික්කසාද යටතේ දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර, 2016.10.03 දිනැති එම නඩුවේ තීන්දුව ප්‍රකාරව ගරු අධිකරණය විසින් අදාළ විවාහය විසුරුවා හරිමින් එම නිලධාරියාගේ වාසියට දික්කසාද තීන්දුවක් ලබාදී එම තීන්දුව 2017.01.06 දින නියත කර ඇත.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks