පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
841/’16
ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ, කොච්චිකඬේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මාතර අප ස්වාමි දුවගේ දේවස්ථානය, මඩු දේවස්ථානය හා රාගම බැසිලිකා යන දේවස්ථාන ශ‍්‍රී ලාංකික ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන්ගේ ප‍්‍රධාන පූජනීය ස්ථාන බවත්;
(ii) මෙම පූජනීය ස්ථානයන්ට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය වන පොදු පහසුකම් අවම මට්ටමක පවතින බවත්;
(iii) ඒ හේතුවෙන් මෙම පූජනීය ස්ථානයන්හි පැවැත්වෙන වාර්ෂික උත්සව අවස්ථාවලදී බැතිමතුන් මහත් අපහසුතාවයට පත්වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මෙම පූජනීය ස්ථාන සංවර්ධනයට රජය පියවර ගෙන තිබේද;
(ii) වාර්ෂික උත්සව සඳහා රජය ලබා දෙන මූල්‍ය පහසුකම් ඇතුළු වෙනත් ආධාර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කතෝලික බැතිමතුන්ගේ පූජනීය ස්ථාන වේ.
(ii) මෙවැනි තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැත. නමුත් අවශ්‍යතා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය අමතර පහසුකම් වේ නම් ඒවා ලබාදීමට පියවර ගත හැකිය.
(iii) නැත.
වාර්ෂික උත්සව අවස්ථාවලදී පමණක් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන හෙයින් ඇතිවන තදබදය ඔරොත්තු නොදෙන අවස්ථා පැන නැඟිය හැකි බව නිරීක්ෂණය වේ.
(ආ) (i) ඔව්.
(ii) ඇමුණුමෙහි දක්වා ඇත.
(ඇ) ඉහත (ආ) (i) හා (ii) අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks