01

E   |     |  

 දිනය: 2017-06-21   පිළිතුර ලබා දී ඇත 

0808/2017: පොල්පිතිගම, ඉරුදෙනියාය ජනපදය: ජනපදවාසීන්ට ඉඩම් පැවරීම

ගරු බිමල් රත්නායක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      දැනට පවුල් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වන පොල්පිතිගම, ඉරුදෙනියාය ජනපදය 1970 දී රජයේ වගා සංග්‍රාමය යටතේ ජනාවාස ලෙස ආරම්භ වූ බවත්;

             (ii)      මෙම ඉඩ‍ම්වල නීත්‍යානුකූල අයිතිය ජනපදවාසීන්ට නොමැතිවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ස්ථිර නිවාස, මංමාවත්, පාසල්, සමූපකාර, ප්‍රජාශාලා, විදුලිය සහ සමිති සමාගම් ඇතුළු යටිතල පහසුකම් සහිත රජයේ පරිපාලන කටයුතු සියල්ල සිදුවන මෙම ජනපදයේ ඉඩම්වල අයිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත් වර්ෂය කවරේද;

(ii) මෙම දුෂ්කරතා නිසාම ඇතැම්විට වනජීවී නිලධාරින් සහ ජනපදවාසීන් අතර ගැටුම් පවා නිර්මාණය වන වාතාවරණයක් තුළ මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද;

(iii) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා විසින් 6 වන පාර්ලිමේන්තුවේ වනජීවී අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලද  මෙම ගැටලුවට ලබාදුන් විසඳුම / තීරණය කවරේද;

(iv) එම විසඳුම/තීරණයට අනුව, මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-21

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඉරුදෙනියාය ජනපදය ආරම්භ වූ කාල සීමා සම්බන්ධ වාර්තා අප සතුව නොමැත. ඒ කියන්නේ, වනජීවි අමාත්‍යාංශයේ නැති බවයි. නමුත් ඉතිහාසයේ,  මා ප්‍රධාන ඇමති විධියට සිටි කාලයේ එයට අත දුන් කෙනෙක්. ඒ ඉතිහාස විස්තර මම දෙන්නම්.

              (ii)       ඔව්.

(ආ)        (i)       කහල්ල පල්ලෙකැලේ වනජීවි අභයභූමිය 1989 ජූලි 11 දින අංක 566/5 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

(ආ)          (ii)            වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2002.02.22 දිනැතිව කුරුණෑගල පළාත් ඉඩම් කොමසාරිස්   වෙත, අභයභූමිය තුළ පිහිටා ඇති ඉරුදෙනියාය ව්‍යාපෘතියේ ඉඩම් අක්කර 1990ක් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නිදහස්  කිරීමට අනුමැතිය දීමට තීරණය කර ඇත. 

(ආ)       (iii)

                                  කහල්ල - පල්ලේකැලේ අභයභූමියේ නීතිමය තත්ත්වය එසේම පවතිද්දී ඉරුදෙනියාය උස් බිම් ව්‍යාපෘතිය සඳහා අවසර දීම.

(ආ)       (iv)       හක්වටුනාව ජලාශයට අලි ඇතුන් පැමිණෙන අලිමංකඩේ පදිංචි පවුල් 17ක් විකල්ප ඉඩම් ලබාගෙන මෙම ස්ථානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ අනුව මේ වනවිට එම කටයුතු තාවකාලිකව නැවතී ඇත. අදාළ පවුල් 17 විකල්ප ඉඩම් හෝ වන්දි ලබාගෙන අලිමංකඩෙන් ඉවත් වන්නේ නම් මෙම විදුලි වැට කඩිනමින් ඉදිකර ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් වෙත ආරම්භ කළ හැකි බව කාරුණිකව දන්වමි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks