පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
807/’16
ගරු බිමල් රත්නායක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා සිදු කරන ලද පිපිරීම්වලදී හම්බන්තොට, මාගම් පාරේ, අංක 24/5 දරන නිවසේ පදිංචි ඒ. ඩබ්ලිව්. උම්මු සලීමා මහත්මිය හා ඇගේ වයෝවෘද්ධ සැමියා ජීවත් වූ නිවසට දැඩි ලෙස අලාභ හානි සිදු වූ බවත්;
(ii) ඒ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරියට දැනුම්දීමෙන් පසු සිදු වී ඇති අලාභය පිළිගෙන, අලාභ වූ නිවස සහ ඉඩම සඳහා වන්දි ලබාදෙන බවට වූ පොරොන්දුව මත ඔවුන් නිවසින් ඉවත්වී කුලී නිවසක පදිංචි වූ බවත්;
(iii) මාසිකව ලබාදෙන බවට පොරොන්දු වූ කුලිය අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටීමෙන් පසු, අධිකාරිය විසින් මාස 6ක කුලිය එකවර ගෙවා දමා මේ වනවිට ගෙවීම් නවතා දමා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වන්දි ගෙවනතුරු ගෙවීමට එකඟ වූ මාසික කුලිය, හිඟ කුලියද සමඟ ගෙවන දිනය කවරේද;
(ii) අහිමිවූ ඉඩම සහ නිවස සඳහා වන්දි ගෙවනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-05
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හම්බන්තොට වරාය ඉදිකිරීම් යටතේ සිදුකරන ලද කැණීම් කටයුතුවලදී දැඩි ලෙස අලාභහානි වූ නිවසක් ලෙස මෙම නිවස නිල වශයෙන් හඳුනාගෙන නොමැත.
(ii) වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් හා නිවාස පවරා ගැනීමට කටයුතු කරන බැවින්, අත්පත් කර ගැනීමට නියමිත නිවාසවල අලුත්වැඩියා කටයුතු හෝ වෙනත් සංවර්ධන කටයුතු කළ නොහැකි බැව් අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද ඉඩම් කමිටුවට කරන ලද දැනුම්දීමකට අනුව එම කමිටුව මගින් එකී නිවාස හිමියන්ට වෙනත් ස්ථානයක පදිංචිවීමට හැකි වන පරිදි හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ මත මාස 06ක උපරිමයකට යටත්ව නිවාස කුලී දීමනාවක් ලබා දීමට 2013.09.24 දින පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.
ඒ අනුව, 2014.08.29 වෙනි දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් විසින් සිදුකරන ලද ලිඛිත ඉල්ලීම සලකා බලා ඉහත කී අයට කුලී නිවසක් සඳහා මාසික කුලී ලබාදීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් හරහා සිදුකරනු ලැබීය.
(iii) ඒ අනුව ඉහත කී පුද්ගලයා සඳහා පමණක් තාවකාලිකව පදිංචිව සිටි කුලී නිවාසයට මාස 6ක කාලයක් සඳහා කුලී ගෙවීම සිදුකර ඇත.
(ආ) (i) ඉහත කී අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කරන ලද කමිටුව මඟින් මාස 06ක උපරිමයකට යටත්ව පමණක් නිවාස කුලී දීමනාවක් ලබා දීමට නිර්දේශ කර ඇත. ඒ අනුව, එම මාස 06ක නිවාස කුලී දීමනාව ගෙවා අවසන් කර ඇත. තවද, අදාළ වන්දි මුදලද හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ගෙවා අවසන් කර ඇත.
(ii) හම්බන්තොට වරාය II අදියර සඳහා පවරා ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නොවූ බැවින්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා අදියර වශයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව, වන්දි මුදල් ගෙවීම හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් හරහා සිදු කරනු ලබන අතර, ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල් මේ වනවිට ගෙවා අවසන් කර ඇත. ගෙවන ලද වන්දි මුදල හා දිනය පිළිබඳ විස්තර හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-05-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks