04

E   |     |  

 දිනය: 2016-08-26   පිළිතුර ලබා දී ඇත 

0718/2016: Neglect of Zahira College, Anuradhapura

ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි,

              (i)      පිහිටි එකම දෙමළ මාධ්‍ය ජාතික පාසල වන අ/ සහිරා විද්‍යාලය නොසලකා හැරීම හේ‍තුවෙන් විවිධ අඩුපාඩු සහිත වන බවත්;

             (ii)      “පාසල් 1000” වැඩසටහනට කාඩාණ්ඩුගම, ජායා මුස්ලිම් මහා විද්‍යාලය හා කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය ඇතුළත් කර ඇති නමුත් තාක්ෂණ විද්‍යාගාර හැර වෙනත් කිසිදු පහසුකමක් මේ වනවිට ලබා දී නොමැති බවත්;

(iii) සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ තාක්ෂණවේදය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුරු හිඟයක් පවතින බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) ඉහත අ (i) හි සඳහන් පාසලෙහි,

(i) උසස් පෙළ විද්‍යා අංශයේ පවතින ගුරු හිඟය සපුරනු ලබන;

(ii) නව ගොඩනැගිල්ලක් ලබා දෙනු ලබන;

(iii) විදුහල්පතිවරයා සඳහා  කාර්යාලයක් සහ ශ්‍රවණාගාරයක් ලබා දෙනු ලබන;

(iv) පානීය ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දෙනු ලබන;

දිනය කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත අ (ii) සඳහන් පාසල් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාදෙනු ලබන;

(ii) ඉහත අ (iii) හි සඳහන් පුරප්පාඩු පුරවනු ලබන;

දිනය කවරේද යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-26

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks