01

E   |     |  

 දිනය: 2016-11-15   පිළිතුර ලබා දී ඇත 

0695/2016: වෙනිවැල් වගා කිරීම : විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය වෙනිවැල් ප්‍රමාණය කොපමණද;

             (ii)       එම ප්‍රමාණයෙන් රට තුළ නිපදවන ප්‍රතිශතය කොපමණද;

           (iii)       ආනයනය කරන ප්‍රමාණය කොපමණද;    

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රටට අවශ්‍ය වෙනිවැල් ප්‍රමාණය වගා කිරීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-15

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       29,100 Kg  (දළ වශයෙන්)

              (ii)       සියයට 100

             (iii)       වෙනිවැල් ආනයනය කරනු නොලබයි.

(ආ)         (i)       ඔව්.

            (ii)*      ආයුර්වේද දෙපාර්තමේන්තුව  යටතේ  පවතින  පින්නදූව  ඔසු  උයනේ පැළ  වගා කර  බෙදා හරිනු ලබයි.

                *       ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශය මඟින් රට පුරා  සුළු පරිමාණ  ඔසු උයන් උද්‍යාන/ ප්‍රසිද්ධ ස්ථාන  හා පන්සල්  ආශ්‍රිතව  මෙම ඖෂධ රෝපණය කිරීමට  පියවර ගෙන ඇත.

                *  පෞද්ගලික අංශය මඟින්ද සුළු පරිමාණ  වෙනිවැල් වගාවන් ආරම්භ කර ඇත.

                *  ගෘහාශ්‍රිත  වගාවන් සහ  වනාන්තරවලින් දේශීය අවශ්‍යතාවන්  සපුරා ගනු ලැබේ.

(ඇ)        පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks