01

E   |     |  

 දිනය: 2016-07-21   පිළිතුර ලබා දී ඇත 

0662/2016: CPS workers forcefully retired in 2002

662/’16

 

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2002 වර්ෂයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 1491කට රැකියාව අහිමි වූ බවත්;

            (ii)       ඔවුන්‍ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම එයට හේතු වූ බවත්;

  (iii)  එම සේවකයින් නැවත රැකියාවේ පිහිටුවන ලෙසට වර්ෂ 2010 දී අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට විරෝධය පාමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත  සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ‍ගොනු කළ නඩුවද විභාග වී අවසන් වුවත්, මෙතෙක් මෙම සේවකයින්හට කිසිදු සාධාරණත්වයක් ඉටු වී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  මෙම සේවකයින් සඳහා සාධාරණයක් ඉටු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-21

අසන ලද්දේ

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks