01

E   |     |  

 දිනය: 2016-07-22   පිළිතුර ලබා දී ඇත 

0648/2016: First Stage of Ruhunupura Water Supply Project

648/’16

 

ගරු නාමල් රාජපක්ෂ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       හම්බන්තොට සංවර්ධන කලාපය ආවරණය වන පරිදි ඉදිකිරීමට සැලසුම් කරන ලද රුහුණුපුර ජල ව්‍යාපෘතියේ I වන අදියරේ ඉදිකිරීම් නිමකර තිබේද;

            (ii)       එසේ නම්, ඒ සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;

    යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ව්‍යාපෘතිය මඟින් ආවරණය කිරීමට නියමිත ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද; එම වසම් කවරේද;

  (ii)  ජල ව්‍යාපෘතිය මඟින් ජල සම්පාදනය ලබා දී ඇති ආයතන හා ග්‍රාම නිලධාරී වසම් වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii)  ජල සම්බන්ධතා ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් කවරේද;

  (iv)  එම ග්‍රාම නිලධාරී වසම්වලට ජලය ලබාදීමට කටයුතු කරන්නේද;

  (v)  ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;

    යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2016-07-22

අසන ලද්දේ

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks