01

E   |     |  

 දිනය: 2016-07-05   පිළිතුර ලබා දී ඇත 

0563/2016: Pre School Education, Sri Lanka

563/’16

 

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දිවයින පුරා පිහිටා තිබෙන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

              (ii)       ශ්‍රී ලංකාවේ පෙර පාසල් ළමුන් සඳහා නිසි පරිදි සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් තිබේද;

           (iii)       පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප් ක්‍රමය අයත් වන කාණ්ඩය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) උතුරු ප‍ළාතේ, විශේෂයෙන් කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

(ii) මෙම පෙර පාසල්වලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවායේ උගන්වන ගුරුවරුන්ට වැටුප් ගෙවන පදනම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ඇ) (i) පාසල් යාමට නියමිත පෙර පාසල් ළමුන් සඳහා ආරක්ෂක හමුදාවලට සම්බන්ධ ගුරුවරුන්ට ඉගැන්විය හැකිද;

(ii) රටේ අනෙක් ප්‍රදේශවලත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේද;

(iii) පෙර පාසල් ළමුන්ගේ නිල ඇඳුමේ හමුදා ලාංඡන පළඳවා ඇති බව දන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-05

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks