01

E   |     |  

 දිනය: 2016-07-07   පිළිතුර ලබා දී ඇත 

0560/2016: Government Agriculture farm and school - Vaddakachchi

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වට්ටක්කච්චි ප්‍රදේශයේ රජයේ කෘෂිකාර්මික ගොවිපළක් සහ කෘෂිකාර්මික විද්‍යාලයක් පිහිටා ඇති බව දන්නේද;

            (ii)      එසේ නම්, එම ගොවිපළෙහි විශාලත්වය කොපමණද; ගොඩ ඉඩම් හා         මඩ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් අක්කර කොපමණද;

(iii) මේ වනවිට එම ගොවිප‍ළ පාලනය කරන්නේ කවුරුන් විසින්ද; එය පරිහරණය කරන්නේ කවුරුන්ද;

(iv) අදාළ දෙපාර්තමේන්තුව යටතට එම ගොවිපොළ පවරා දෙන්නේද;

(v) නැවතත් එහි කම්කරුවන්ට රැකියා අවස්ථා ලබාදී එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වට්ටක්කච්චි කෘෂිකාර්මික ගොවිපොළ සමඟ ඇති කෘෂිකාර්මික විද්‍යාලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

(ii) වවුනියාව සහ කුණ්ඩසාලේ ඇති කෘෂි විද්‍යාලවලට සමාන අයුරින් මෙය ක්‍රියාත්මක වූ බව එතුමා දන්නේද;

(iii) යළිත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නේද;

(iv) එය අදාළ දෙපාර්තමේන්තුවට පවරා දී ක්‍රියාත්මක කිරීම සඳහා ගතවන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-07

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks