පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 වනවිට ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කරනු ලැබූ භූමි ප‍්‍රමාණය කොපමණද;
(ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ ගම්මිරිස් නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග‍්‍රෑම් කොපමණද;
(iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම ගම්මිරිස් මිලදී ගන්නේද;
(iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් ගම්මිරිස් ප‍්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගම්මිරිස් නිෂ්පාදනය ඉහළ දැමීමට රජය පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-18
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර් 32,527
(ii) 2010 - 2015 දක්වා වසර තුළ ගම්මිරිස් නිෂ්පාදනය (කිලෝග්‍රෑම්)
|
2010 |
17,216,000 |
|
2011 |
10,834,000 |
|
2012 |
18,604,000 |
|
2013 |
28,686,000 |
|
2014 |
18,660,000 |
|
2015 |
28,177,000 |
(iii) නැත.
(iv) අදාළ නැත.
(ආ) (i) ඔව්.
(ii) (i) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගම්මිරිස් වපසරිය වැඩි කිරීම සඳහා නව වගාව ඇති කිරීමට අවශ්‍ය නිරෝගී පැළ නිෂ්පාදනය කර වගාකරුවන්ට සියයට 50ක ආයෝජන ආධාර ක්‍රමය යටතේ ලබා දීම.
(ii) ධන සවිය ගෙවතු වගා කිරීමේ වැඩසටහන යටතේ අක්කර 1/4ට වඩා අඩු ගෙවතු සඳහා ගම්මිරිස් පැළ නොමිලයේ ලබා දීම.
(iii) වගා කිරීමට අවශ්‍ය යහපත් කෘෂි කාර්මික පිළිවෙත් පිළිබඳ උපදෙස් හා පුහුණුව නොමිලයේ ලබා දීම.
(iv) පවත්නා වගාවල ඵලදායිතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා පුහුණුව නොමිලේ ලබා දීම හා ආයෝජන ආධාර ලබා දීම. ඵලදායිත්වය වැඩි කිරීම සඳහා වෙනම තරුණයන් පුරුදු කර ඒ අයට නොමිලයේ යන්ත්‍ර ලබා දී ඇත.
(v) රෝග පළිබෝධ ඇති වන අවස්ථාවල ඒවා පාලනය කිරීමට අවශ්‍ය පියවර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම.
(vi) උසස් තත්ත්වයේ ගම්මිරිස් නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ආයෝජන ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක කිරීම.
(vii) අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි පාර්ශ්වකරුවන් යොමු කිරීම සඳහා විශේෂ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
(viii) ගම්මිරිස් වගාවේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වැඩි දියුණු කිරීම් උදෙසා ගම්මිරිස් වගාවට අදාළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ සිදු කිරීම.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks