පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
470/’16
ගරු ගාමිණී ලොකුගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) දිවයිනෙහි පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2016 වසරේදී පාසල් නිල ඇඳුම් වවුචර්පත්,
(i) ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ලබානොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-22
අසන ලද්දේ
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) දිවයිනෙහි පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කයන් අනුව, වෙන් වෙන් වශයෙන් ගැහැණු හා පිරිමි සිසුන් ලෙස ඇමුණුමෙහි (2) තීරුව මඟින් දක්වා ඇත.
(ආ) (i) නිල ඇඳුම් තිළිණපත් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව පිරිමි හා ගැහැණු සිසුන් වශයෙන් ඇමුණුමෙහි (3) තීරුව මඟින් දක්වා ඇත.
(ii) නිල ඇඳුම් තිළිණපත් ලබා නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව පිරිමි හා ගැහැණු සිසුන් වශයෙන් ඇමුණුමෙහි (4) තීරුව මඟින් දක්වා ඇත.
**** a table attached...... ****
2016 වර්ෂයේ පාසල් නිල ඇඳුම් තිළිණපත් ලබා දුන් සිසුන් සඛ්‍යාව හා තිළිණපත් ලබා නොගත් සිසුන් සංඛ්‍යාව ඇතුළත් කර ගනිමින් මුළු සිසුන් සංඛ්‍යාව ගණනය කර ඇති අතර, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් සංඛ්‍යාවද ඇතුළත් කර ඇත.
(ඇ)
|
පළාත |
දිස්ත්‍රික්කය |
පිරිමි ළමුන් සංඛ්‍යාව |
ගැහැණු ළමුන් සංඛ්‍යාව |
වවුචර්පත් ලබා ගත් සිසුන් ගණන |
වවුචර්පත් ලබා නොදීමට හේතු |
|
බස්නාහිර |
කොළඹ |
35 |
39 |
74 |
පළමු ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීම අවස්ථාවන් කිහිපයකදී සිදු වීම මත තිළිණපත් ලබා දීමේ කාලය ඉකුත් වීම. |
|
මධ්‍යම |
මහනුවර |
83 |
69 |
152 |
ප්‍රමාණවත් තිළිණපත් අත ඉතිරිව තිබුණද, තිළිණපත්වල වලංගු කාලය අවසන් වීම නිසා තිළිණපත් නිකුත් නොකිරීම. |
|
|
නුවරඑළිය |
0 |
130 |
130 |
ප්‍රමාණවත් තිළිණපත් අත ඉතිරිව තිබුණද, තිළිණපත්වල වලංගු කාලය අවසන් වීම නිසා තිළිණපත් නිකුත් නොකිරීම. |
|
දකුණ |
ගාල්ල |
58 |
60 |
118 |
පළමු ශ්‍රේණිය සඳහා අලුතෙන් අනුමත වී ඇති නව පන්ති සඳහා සිසුන් බඳවා ගැනීම 2016.03.24 දින සිදු වීම හා පළමු ශ්‍රේණිය සඳහා සමාන්තර පන්තියක් වැඩි කිරීම හා ආරක්ෂක අංශයේ නියුතු අයගේ දරුවන් ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉතිරි පුරප්පාඩු සඳහා 2016.03.09 සිසුන් ඇතුළත් කර ගැනීම හා තිළිණපතෙහි කාලය අවසන් වී තිබීම. |
|
|
මාතර |
51 |
41 |
92 |
නිල ඇඳුම් වවුචර්පත් බෙදා අවසන් වූ පසු, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් වීම හා පාසල් ගමන නතර කර තිබූ සිසුන් නැවත පාසලට පැමිණීම. |
|
වයඹ |
කුරුණෑගල |
0 |
65 |
65 |
විදුහල්පති විසින් නිල ඇඳුම් පිළිබඳ ලේඛන සකස් කිරීමේදී දෝෂ සහිතව සංඛ්‍යාලේඛන ඉදිරිපත් වීම. |
|
සබරගමුව |
රත්නපුර |
45 |
28 |
73 |
ප්‍රමාණවත් තිළිණපත් අත ඉතිරිව තිබුණද, තිළිණපත්වල වලංගු කාලය අවසන් වීම නිසා තිළිණපත් නිකුත් නොකිරීම. |
|
උතුරු මැද |
අනුරාධපුර |
365 |
346 |
711 |
2016.02.23 දින කරන ලද ඉල්ලීමට අනුව, නැවත වවුචර්පත් කලාපය වෙත නිකුත් කළද, බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් කාලය නොමැති වීම මත නිකුත් නොකිරීම. |
පිළිතුරු දුන් දිනය
2016-05-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks