පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
439/’16
ගරු ඩී. වී. චානක මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂය තුළදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව කවරේද;
(ii) එම පත්වීම්ලාභීන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව එම පත්වීම් බෙදා දී ඇති ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම පත්වීම් ලබාදීමේදී අනුගමනය කරන ලද බඳවාගැනීමේ පටිපාටිය කවරේද;
(v) එක් එක් තනතුරු සඳහා බඳවා ගැනීමේදී සලකා බලන ලද අධ්‍යාපන සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-22
අසන ලද්දේ
ගරු ඩී. වී. චානක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
පත්වීම් ලබා දුන් පදනම |
පත්වීම් සංඛ්‍යාව |
|
01 |
කොන්ත්‍රාත් |
02 |
|
02 |
දෛනික |
04 |
|
03 |
ද්වීතියන |
02 |
|
එකතුව 08 |
||
(ii)
|
අනු අංකය |
පත්වීම්ලාභියාගේ නම |
තනතුර |
ලිපිනය |
|
කොන්ත්‍රාත් පදනම යටතේ |
|||
|
01. |
එච්.එම්. දයානන්ද මයා |
සාමාන්‍යාධිකාරි |
285/1, කොස්කුඹුර පාර, ගෝනවල, කැලණිය. |
|
02. |
ඒ.එන්.සී.ඩී. බැස්ටිකා මෙනවිය |
කළමනාකාර සහකාර |
16 බී, නගර සභා නිල නිවාස, මන්නාරම පාර, වව්නියාව. |
|
දෛනික පදනම යටතේ |
|||
|
03. |
ශෂිකා ලක්මිණි රත්නායක මිය |
කළමනාකාර සහකාර |
මහකච්චකොඩිය, වව්නියාව. |
|
04. |
මාදවී කෝකිලා පෙරේරා මෙනවිය |
කළමනාකාර සහකාර |
68/31, ඉසුරු මාවත, ගම්පහ පාර, යක්කල. |
|
05. |
එම්.ඩී. සෙව්වන්දි පෙරේරා මෙනවිය |
කළමනාකාර සහකාර |
284, මාවල දකුණ, වාද්දුව. |
|
06. |
එම්.ජී. මධුෂානි ද සිල්වා මෙනවිය |
කළමනාකාර සහකාර |
32/සී 3/4 , සියනෑ උයන, ලුසියාවත්ත, යක්කල. |
|
ද්විතීය පදනම යටතේ |
|||
|
07. |
එච්.ඒ.එස්. නිරෝෂන් මයා |
රියදුරු |
391, දෙහිවල පාර, බොරලැස්ගමුව. |
|
08. |
ඩබ්ලිව්.ටී.එම්. සුජීව වන්නිනායක මයා. |
රියදුරු |
75/1/2, පරණ පොළ අසළ, වරාවැව. |
(iii)
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
පත්වීම් සංඛ්‍යාව |
|
01. |
බියගම |
01 |
|
02. |
වව්නියාව |
01 |
|
03. |
වව්නියාව දකුණ |
01 |
|
04. |
ගම්පහ |
02 |
|
05. |
කළුතර |
01 |
|
06. |
බොරලැස්ගමුව |
01 |
|
07. |
ගල්ගමුව |
01 |
|
එකතුව |
08 |
|
(iv) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බඳවා ගැනීමේ පටිපාටිය, 2010.
(v)
|
අනු අංකය |
තනතුර |
අධ්‍යාපන සුදුසුකම් |
|
01. |
සාමාන්‍යාධිකාරි |
01. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක රාජ්‍ය පරිපාලන, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, නගර හා ග්‍රාම සැලසුම්කරණය හෝ ව්‍යාපාර පරිපාලනයට අදාළ උපාධියක් සමඟ
02. පශ්චාත් (විද්‍යාපති/ දර්ශනපති/ ශාස්ත්‍රපති) උපාධියක් ලබා තිබීම. සහ
03. උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව රජයේ හෝ රාජ්‍ය ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 20ක පළපුරුද්දක් තිබීම. (මෙම වසර 20න් වසර 05ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ විය යුතු අතර, පශ්චාත් උපාධිය ලබා ගැනීමෙන් පසුව විය යුතුය.) |
|
02. |
කළමනාකරණ සහකාර |
01. අ.පො.සා.පෙළ විභාගයේදී සිංහල දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව යන විෂයන් හතරට(04) සම්මාන සාමාර්ථයක් සහිතව එක වර විෂයන් හයකින් (06) සමත්ව තිබීම. අ.පො.ස. උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් තුනකින් (03) (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) සමත්ව තිබීම. 02. පරිගණක වදන් සැකසුම/ යතුරු ලියනය පිළිබඳ තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා තිබීම හෝ වෙනත් ඒ හා සමාන මට්ටමේ නිපුණතා අතිරේක සුදුසුකම් වශයෙන් සැලකේ.
|
|
03. |
රියැදුරු |
පිළිගත් රියැදුරු පාසලක පුහුණුවකින් පසුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද බර වාහන රියැදුරු බලපත්‍රයක් ලබා තිබීම හා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව වසර 03ක පශ්චාත් පළපුරුද්දක් ලබා තිබීම. |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-05-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks