01

E   |     |  

 දිනය: 2010-07-08   පිළිතුර ලබා දී ඇත 

0300/2010: Badulla- Rambukpotha Road

0300/'10

 

ගරු හරින් ප්‍රනාන්දු මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බදුල්ල, රඹුක්පොත හරහා කැන්දගොල්ල දක්වා ඇති මාර්ගයේ මලංගමුව ඔය හරහා ඇති මලංගමුව පාලම 2007 වර්ෂයේ ගංවතුරට හසුවී බිඳි ගිය බවත්;

(ii) 2010 මැයි මස 01 වැනි දින ඇදහැලුණු වර්ෂාවෙන් පාලමේ ඉතිරි කොටසත් කැඩි විශාල අලාභානියක් සිදුවී ඇති බවත්;

(iii) මේ නිසා මලංගමුව, සිරිමල්ගොඩ, කැන්දගොල්ල, හින්නාරංගොල්ල, ඇටඹගහකඳුර, මුතුමාල, කහටරූප්ප ඇතුළු ගම්මාන රාශියක ජීවත්වන දස දහසක් පමණ පදිංචිකරුවන්ගේ ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටීමෙන් ඔවුන් අසීරු තත්ත්වයට පත්ව සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙසේ වර්ෂ 2 1/2 ක කාලයක් ඉක්ම යනතුරුත් එය අලුත්වැඩියා නොකිරීමට හේතු කවරේද;

(ii) නියමිත ප්‍රමිතියට අනුව පාලම ඉදිනොකිරීම නිසා රජයට සිදු වී ඇති පාඩුව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-08

අසන ලද්දේ

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks