01

E   |     |  

 දිනය: 2016-03-23   පිළිතුර ලබා දී ඇත 

0414/2016: Complaints received by the FCID against MPs

414/’16

 

ගරු ප්‍රසන්න රණතුංග මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015.01.08 වන දින සිට 2015.12.31 වන දින දක්වා හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය සභා,  නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත (i) පරිදි චෝදනාවට ලක්වී ඇති හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාදේශීය සභා,  නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ නම් සභාගත කරන්නේද;

(iii) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන අරඹා ඇති හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා,  නගර සභා සහ මහ නගර සභාවල මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙම විමර්ශනවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-23

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks