01

E   |     |  

 දිනය: 2016-03-10   පිළිතුර ලබා දී ඇත 

0393/2016: Farmers' Pensioners

393/’15

 

ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2012/2013 වර්ෂවල ගොවි විශ්‍රාම වැටුප් හිමිකම ලැබූ සියලු දෙනාටම ගොවි විශ්‍රාම වැටුප් ගෙවා තිබේද;

             (ii)       එසේ නොමැති නම්, ඒ මන්ද;

            (iii)       ගෙවා නොමැති නම්, එම සංඛ්‍යාව කොපමණද;

(iv) ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොමැති අය සඳහා සහනයක් ලබා දිය හැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015 දෙසැම්බර් මස වනවිට ගොවි විශ්‍රාම වැටුපට හිමිකම් ලැබූ සංඛ්‍යාව කොපමණද;

(ii) එම පුද්ගලයින් සඳහා 2016 වර්ෂයේදී බාධාවකින් තොරව ගොවි විශ්‍රාම වැටුප් ගෙවිය හැකිද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-10

අසන ලද්දේ

ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks