01

E   |     |  

 දිනය: 2016-02-26   පිළිතුර ලබා දී ඇත 

0325/2016: වාහන සඳහා දුම් සහතික නිකුත් කරන මධ්‍යස්ථාන : විස්තර

325/’15

 

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ වාහන සඳහා දුම් සහතික නිකුත් කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       දුම් සහතික නිකුත් කිරීමේ බලයලත් ආයතන කවරේද;

(iii) එම ආයතන දුම් සහතික නිකුත් කරනු ලබන්නේ කවර වර්ෂයක සිටද;

(iv) දුම් සහතික නිකුත් කිරීම ඇරඹූ වර්ෂයේ සිට එක් එක් ආයතනය ඉපැයූ ආදායම වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එක් එක් වාහන කාණ්ඩය අනුව දුම් සහතික නිකුත් කිරීමේදී අයකරනු ලබන ගාස්තුව කවරේද; 

(vi) එම ආයතන දුම් සහතික ගාස්තු සඳහා රජයට ගෙවනු ලබන මුදල එක් එක් වාහන කාණ්ඩය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(vii) එම ආයතන විසින් දුම් සහතික නිකුත් කිරීම ඇරඹූ වසරේ සිට රජයට ගෙවූ මුදල ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(viii) එම ආයතන විසින් රජයට ගෙවීමට හිඟ මුදල් තිබේද;

(ix) එසේ නම්, එම හිඟ මුදල ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(x) එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හා ඔවුන්ගේ ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-26

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

ආයතනය

ස්ථිර

ජංගම

එකතුව

ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගම

  72

102

174

ලාෆ්ස් එකෝ ශ්‍රී  පුද්. සමාගම

  83

127

210

එකතුව

155

229

384

              (ii)      ලාෆ්ස් එකෝ ශ්‍රී පුද්ගලික  සමාගම හා ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගම.

             (iii)      2008 නොවැම්බර් 17 සිට.

             (iv)     

වර්ෂය

ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගම ලැබූ ආදායම               රු.             ශත

ලාෆ්ස් එකෝ ශ්‍රී පුද්. සමාගම ලැබූ ආදායම                    රු.             ශත

2008

  24,435,050.00

     18,698,925.00

2009

191,310,650.00

   203,935,775.00

2010

269,067,054.21

   445,678,366.00

2011

450,553,169,65

   636,062,171.00

2012

576,382,403.93

   825,882,999.00

2013

681,277,551.78

   902,083,707.00

2014

750,581,435.80

   984,472,669.00

2015

852,145,827.08

1,083,866,372.00

 

              (v)     

පන්තිය

දැනට අය කරනු ලබන ගාස්තුව (රජයට ලැබෙන ගාස්තු 10%) VAT හා NTB ඇතුළුව (රුපියල්)

යතුරු පැදි

   410.00

ත්‍රීරෝද රථ

   505.00

මෝටර් කාර්

1,100.00

ද්විත්ව කාර්ය වාහන

1,190.00

මෝටර් ලොරි

1,550.00

මෝටර් කෝච්

1,010.00

බස්

1,000.00

ප්‍රයිම් මුවර්

1,650.00

 

(vi)

පන්තිය

රජයට ගෙවනු ලබන මුදල (අනුමත මුදලෙන්10%)

රු:    සත

යතුරු පැදි

  33.01

ත්‍රීරෝද රථ

  40.34

මෝටර් කාර්

  88.02

ද්විත්ව කාර්ය වාහන

  95.35

මෝටර් ලොරි

124.69

මෝටර් කෝච්

  80.68

බස්

  80.68

ප්‍රයිම් මුවර්

132.03

(vii)

වර්ෂය

ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගම රජයට ගෙවූ මුදල

        රු:       සත

ලාෆ්ස් එකෝ ශ්‍රී පුද්ගලික සමාගම රජයට ගෙවූ මුදල

 

රු:      සත

2008

  2,443,505.00

    1,869,893.00

2009

19,131,065.00

  20,393,578.00

2010

26,906,705.42

  44,567,837.00

2011

45,055,316.97

  63,606,217.00

2012

57,638,240.39

  82,588,300.00

2013

68,127,755.18

  90,208,371.00

2014

75,058,143.58

  98,447,267.00

2015

85,214,582.71

108,386,637.00

(viii)  නැත.

(ix)  පැන නොනඟී.

(x)

ලාෆ්ස් එකෝ ශ්‍රී පුද්ගලික සමාගම

ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා - සභාපති

අංක 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04.

තිලක් ද සිල්වා මහතා - කළමනාකාර අධ්‍යක්ෂ

අංක 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04.

ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගම

හුසේෆා ඉනායෙටලී අක්බරලී

අංක 16, සිරිපා පටුමග, තිබිරිගස්යාය, කොළඹ 05

විදානගමගේ අනුර සරත් කුමාර

කොස්හින්න, කැටවල, ලෙව්ල, නුවර

දෙහිගස්පෙ පටබැන්දිගේ නිශාන්ත නානයක්කාර

අංක 92/A, G.H. පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව

ඉනායත් අක්බරලී

අංක 24, ක්ලීපර්ඩ් පෙදෙස, කොළඹ 04

අලි අස්ගාර් අක්බරලී

අංක 90, ලෙයාර්ඩ් පාර, කොළඹ 05

හටීම් අක්බරලී

අංක 90/1, ලෙයාර්ඩ් පාර, කොළඹ 05

සිවකුමාර් සෙල්ලයියා

අංක 114/5, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07

තිරුනාවුත්කරසු සෝමේස්වරන්

අංක 3/1, ශාන්ත මයිකල් නිවාස සංකීර්ණය, අංක 04, ඇෆ්රඩ් නිවාස උද්‍යානය, කොළඹ 03

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-02-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks