පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
315/’15
ගරු විමලවීර දිසානායක මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර නගර සභා බලප්‍රදේශයේ, නවගම්පුර ග්‍රාමයේ නිවාස 25ක් ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉඩම් කට්ටි 25ක් වෙන් කර දී ඇති බවත්;
(ii) එම ඉඩම් බෙදා දීමේදී, අංක 2008/4 චක්‍රලේඛය හෝ පදිංචියට ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු වෙනත් ආඥාපනත් හෝ විධිමත් ක්‍රියාපටිපාටි හෝ අනුගමනය කර නොමැති බවත්;
(iii) ඉහත ඉඩම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බෙදා දෙනු ලැබූවද, ඒ සඳහා අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විධිමත් අනුමතියක් ලබාගෙන නොමැති බවත්;
(iv) බෙදා දෙනු ලැබූ ඉඩම්වල ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සැකසීමේදී හෝ නිර්දේශ කිරීමේදී සිදුවූ අසාධාරණ කටයුතු නිසා, නවගම්පුර ගම්මානයේ හා අම්පාර නගරයේ පදිංචියට ඉඩම් කොටසක් නොමැතිව පීඩාවට පත් වී සිටින ජනතාවට අසාධාරණයක් සිදුවූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) හි සඳහන් සියළු කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේද;
(ii) මෙම ඉඩම් බෙදා දීමේ අසාධාරණ පිළිවෙළ නිසා අම්පාර නගර සභා බලප්‍රදේශයේ අ(iv) හි සඳහන් වන ඉඩම් අහිමි ජනතාවට සිදුවූ අගතිය නිවැරදි කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-27
අසන ලද්දේ
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඉඩම් කට්ටි 25ක් වෙන් කර දී ඇත.
(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2011/දේ.ක/01 දරන චක්‍ර ලේඛය අනුගමනය කරමින් ප්‍රතිලාභින් තෝරාගෙන ඇති අතර, තමා සතුව ඉඩමක් හෝ නිවසක් නොමැති බවට ඔවුන් විසින් දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇත. ඒ අනුව විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කර ඇත.
(iii) අම්පාර ප්‍රාදේශීය ලේකම්ගේ අංක AM/DS/LND/3/4/1 හා 2015.11.11 දිනැති ලිපිය මඟින් අදාළ සංවර්ධන කටයුතු කරගෙන යාමට විධිමත් අනුමැතියක් ලබා දී ඇත.
(iv) ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිලාභින් තෝරා ගැනීමේ අයදුම් පත්‍ර ප්‍රදර්ශනය කර මහජනතාව දැනුවත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කමිටුවක් මඟින් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඉල්ලුම්කරුවන් අතරින් සුදුසු ප්‍රතිලාභින් තෝරාගෙන ඇත.
(ආ) (i) ඉහත කාර්යයන් විධිමත්ව කර ඇති හෙයින් පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
(ii) මෙම වැඩසටහන කඩිනම් වැඩටසහනක් වූ බැවින් විරෝධතා කැඳවීමට ප්‍රමාණවත් කාලයක් නොතිබුණද, ලැබුණු විරෝධතා පිළිබඳව පරීක්ෂණ සිදුකර නැවත ප්‍රතිලාභින් තෝරා ගැනීම සිදු කෙරිණි. එබැවින් ජනතාවට අගතියක් සිදු වී නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-06-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks