04

E   |     |  

 දිනය: 2016-01-28   පිළිතුර ලබා දී ඇත 

0312/2016: Lands belonging to Kataragama Devale in Moneragala District

312/’15

 

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි රුහුණු මහා කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

             (ii)       ඒ අතරින් පුද්ගලයින් අතර ‍බෙදා දී තිබෙන ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

(iii) එම ඉඩම් ලබා දුන් අයගේ නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දේවාලයට අයිති ඉඩම් මහා පරිමාණයෙන් ව්‍යාපාරිකයින්ට ලබාදීමෙන් හේන් ගොවිතැනින් ජීවත් වන ගොවීන්ට ගොවිතැන් කටයුතු කිරීමට ඇති අයිතිය අහිමි වන බව පිළිගන්නේද;

(ii) එම ගොවීන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද;

(iii) අනාගතයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති විය හැකි දැඩි ඉඩම් අර්බුදය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මහා පරිමාණයෙන් ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දීම අත්හිටුවන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-28

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks