පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
302/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට ඉන්දියාව සමග රජය සාකච්ඡා කරමින් සිටින්නේද;
(ii) එකී ගිවිසුම අත්සන් තැබීමට බලාපොරොත්තු වන කාලවකවානුව කවරේද;
(iii) එකී ගිවිසුම “සීපා” නමින් හඳුන්වන විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමෙන් වෙනස් වන ආකාරය කවරේද;
(iv) එකී ගිවිසුම අත්සන් තැබීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන්, වෘත්තීයවේදින් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-11
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2016 වර්ෂය තුළ.
(iii) දැනට ඉන්දු-ලංකා ආර්ථික සහයෝගිතා ගිවිසුමේ අන්තර්ගතය වෙනස් කිරීම සාකච්ඡා මට්ටමේ පවතින බැවින්, මෙම ගිවිසුම් දෙක අතර වෙනස්කම් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැක.
(iv) ඔව්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මලික් සමරවික්‍රම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks