01

E   |     |  

 දිනය: 2016-02-25   පිළිතුර ලබා දී ඇත 

0299/2016: රජයේ නිලධාරින්ට යතුරුපැදි ලබා දීම : විස්තර

299/’15

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       නිලධාරියා විසින් රුපියල් පනස් දහසක්  ගෙවීමේ පදනම මත, 2014 වර්ෂයේදී  රජයේ නිලධාරින්ට ලබා දුන් යතුරු පැදි සංඛ්‍යාව;

             (ii)      2014 වර්ෂයේදී මුදල් ගෙවා, 2015.10.31 දින වනතෙක් යතුරු පැදි නොලැබුණු නිලධාරින් සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015 ජනාධිපතිවරණ සමයේ පොරොන්දු වූ පරිදි, යතුරු පැදි සඳහා රජයේ නිලධාරින් විසින් ගෙවන ලද රුපියල් පනස් දහසක මුදල හෝ ඉන් කොටසක් රජය විසින් නැවත නිලධාරින්ට ගෙවා තිබේද;

 

 

  (ii) එසේ නම්, මුදල් නැවත ගෙවා ඇති නිලධාරින් සේවය කරනු ලබන දෙපාර්තමේන්තු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-25

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2014 වර්ෂයේදී ක්ෂේත්‍ර නිලධාරින්ට ලබා දුන් යතුරුපැදි/ස්කූටර් සංඛ්‍යාව 112,265කි.

               (ii)      දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලබා ගත් තොරතුරුවලට අනුව, 2014 වර්ෂය වන විට යතුරු පැදි ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ, එමෙන්ම මුදල් ගෙවු ක්ෂේත්‍ර නිලධාරින් 85 දෙනකුට පමණක් 2015.10.31 දින වන විට යතුරු පැදි ලබා දී නොමැති අතර, මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙම නිලධාරින්ගෙන් ඇතැම් නිලධාරින් ස්ථාන මාරුවීම් ලබා ගැනීම, විදේශගත වීම සඳහා නිවාඩු ලබා ගැනීම සහ යතුරුපැදි සඳහා හිමිකම් නොමැති වෙනත් සේවාවන් සඳහා උසස්වීම් ලබා ගැනීම වේ.

(ආ)  (i)  එකඟ වී නොමැත. කෙසේ වුවද 2016 අයවැය කථාවේදී එකඟ වූ පරිදි 2015.11.20 දිනට සුදුසුකම් සපුරා ලන ලද නිලධාරින්ට යතුරුපැදි ලබා දීමට කැඳවන වාර්තා අනුව 2016.02.23 දින වන විට -ඊයේ වන විට- සුදුසුකම් ලත් නිලධාරින් සංඛ්‍යාව 1,303කි.

      (ii)  පැන නොනඟී.

(ඇ)  අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks