01

E   |     |  

 දිනය: 2016-02-09   පිළිතුර ලබා දී ඇත 

0284/2016: විහාරස්ථාන සංවර්ධනය: වැඩ පිළිවෙළ

284/’15

 

ගරු එස්. එම්. මරික්කාර් මහතා,—  බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළක් තිබේද;

             (ii)       එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

            (iii)       වෙහෙර විහාරස්ථාන සඳහා මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ සිටින දහම් පාසල් ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(ii) දහම් පාසල් ගුරුවරයෙක් සඳහා ගෙවනු ලබන දීමනාව කොපමණද;

(iii) එම මුදල ප්‍රමාණවත්ද;

(iv) එසේ නොවේ නම්, එම මුදල වැඩි කිරීම සඳහා කටයුතු කරන්නේද;

(v) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-09

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

                        විහාරස්ථාන සංවර්ධනය කිරීම් ඒ ඒ විහාරස්ථානවල දායක පිරිස් විසින් සිදු කරනු ලබයි. ඉපැරණි ඓතිහාසික වටිනාකම් ඇති සීමිත විහාරස්ථාන සංඛ්‍යාවක් පූජා භූමි ලෙස පත්කර සංරක්ෂණය කිරීම බුද්ධශාසන අමාත්‍යාංශයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

(ii) අදාළ නැත.

(iii) එවැනි ක්‍රමවේදයක් නොමැත. එහෙත් පසු ගිය රජය දැයට කිරුළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නොදියුණු විහාරස්ථාන සඳහා ආධාර මුදලක් වෙන් කර තිබූ අතර එම මුදල පසු ගිය වස‍රේ විහාරස්ථානවලට ලබා දී ඇත.

(ආ) (i) දහම් පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව 126,093කි.

      (ii) වාර්ෂිකව පුස්තකාල පොත් ලබාගැනීම වෙනුවෙන් එක් ගුරුවරයෙක් වෙනුවෙන් රුපියල් 2,000ක දීමනාවක් සහ 2015 ජූලි මස සිට මාසිකව රුපියල් 200ක ගමන් වියදම් දීමනාවක් ලබාදෙනු ලැබේ.

     (iii)  ප්‍රමාණවත් නොවේ.

     (iv) ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැත.

     (v) අදාළ නැත.

(ඇ)  අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2016-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks