01

E   |     |  

 දිනය: 2016-02-09   පිළිතුර ලබා දී ඇත 

0276/2016: ඇප සහ ජනාධිපති සමාව ලබා දුන් ත්‍රස්තවාදී සැකකරුවන් : විස්තර

276/’15

 

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2015.01.09 දින සිට 2015.10.31 දින දක්වා කාලවකවානුව තුළ නීතිපතිවරයාගේ උපදෙස් මත,

              (i)       ඇප ලබා දුන් ත්‍රස්තවාදි සැකකරුවන් සංඛ්‍යාව;

             (ii)       ඇප ලබා දුන් ත්‍රස්තවාදි විත්තිකරුවන් සංඛ්‍යාව;

(iii) ජනාධිපති සමාව ලබා දුන්, ත්‍රස්තවාදි ක්‍රියාවන්ට වැරදිකරුවන් වූ සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-09

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

               (i)      2015 ජනවාරි 09වැනි දින සිට 2015 ඔක්තෝබර් 31 දින දක්වා ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන් ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සංඛ්‍යාව 12යි.

              (ii)      2015 ජනවාරි 09වැනි දින සිට 2015 ඔක්තෝබර් 31 දින දක්වා ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත මහාධිකරණයෙන් ඇප ලබා දුන් විත්තිකරුවන් සංඛ්‍යාව 2යි.

(iii) 2015.01.09 දින සිට 2015.10.31 දින දක්වා ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට වැරැදිකරුවන් වූවන්ට ජනාධිපති සමාව දී නොමැත.

(ආ) පැන නොනඟී.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කියපු පරිදි මහෙස්ත්‍රාත් අධිකර‍ණයෙන් ඇප ලබා දුන් අය ත්‍රස්තවාදී සැකකරුවන් වශයෙනුත්, මහාධිකරණයෙන් ඇප ලබා දුන් අය විත්තිකරුවන් වශයෙනුත් මම සඳහන් කරලා තිබෙනවා.

 

පිළිතුරු දුන් දිනය

2016-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks