01

E   |     |  

 දිනය: 2016-01-27   පිළිතුර ලබා දී ඇත 

0272/2016: ඉන්ධන මත අය කරන බදු : විස්තර

272/’15

 

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 ජනාධිපතිවරණයේ දී වත්මන් රජය විසින් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයෙන් රජය විසින් ඉන්ධන මත අය කරන බදු ඉවත් කිරීමට ජනතාවට පොරොන්දු වූ බවත්;

(ii) 2015 ජනවාරි 16 දින, එවකට සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉන්ධන මත අය කරන බදු ඉවත් කිරීමට ජනතාවට පොරොන්දු වූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ ඉවත් කළ බදු වර්ග සහ ඒවායේ ප්‍රමාණයන් කවරේද;

(ii) මේ වනවිට ඉන්ධන මත පවතින බදු වර්ග කවරේද;

(iii) 2015.01.01 දින සිට 2015.09.30 දින දක්වා එක් එක් බදු වර්ගයෙන් ඉපැයූ ආදායම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-27

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දනිමි.

              (ii)      නොදනිමි.

(ආ)         (i)      බදු මුදල් ඉවත් කර නොමැත.

              (ii)        පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේදී අය කරනු ලබන බදු වර්ග.

                        1. තීරු බදු

                        2. දේශීය භාණ්ඩ බදු

                        3. වරාය හා ගුවන් සේවා බදු

                        4. ජාතිය ගොඩ නැඟීමේ බදු

බොරතෙල් ආනයනය කර දේශීයව පිරිපහදු කිරීමේදී අය කරනු ලබන බදු වර්ග.

1. වරාය හා ගුවන් සේවා බදු

2. දේශීය භාණ්ඩ බදු

 

(iii) 2015.01.01 දින සිට 2015.09.30 දක්වා කාල පරිච්ඡේදය සඳහා ඉහත එක් එක් බදු වර්ග වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රජයට ගෙවන ලද බදු පහත දැක්වේ.

 

බදු වර්ග

රුපියල් මිලියන

තීරු බදු

33,223

දේශීය භාණ්ඩ බදු

26,202

වරාය හා ගුවන් සේවා බදු

  5,887

ජාතිය ගොඩනැගීමේ බදු

  1,542

එකතුව

66,854

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2016-01-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks