පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
249/’15
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015.10.15 දින පස්වරුවේ අධික වැසි සහිත කාලගුණයක් පවතිද්දී, මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ අනාරක්ෂිත කාණුවකට වැටීමෙන් මහ / බදියුද්දීන් මහමුද් බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ පාතිමා අස්රා ශිෂ්‍යාව මියගිය බව එතුමා දන්නෙහිද?
(ආ) අනපේක්ෂිත ලෙස සිදුවූ අනතුරකින් මියගිය එම ශිෂ්‍යාවගේ ජීවිතය අහිමිවීම නිසා වියෝවට පත්ව සිටින ඇයගේ දෙමව්පියන්ට, වන්දි මුදලක් පිරිනැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-09
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) නැත.
අනාරක්ෂිත කාණුවකට වැටීමෙන් මරණයට පත් වූ පාතිමා අස්රා ශිෂ්‍යාව සඳහා ජාතික අයවැය චක්‍රලේඛ 152(1) යටතේ වන්දි මුදල් ලබාදීම සඳහා බලයක් නොමැත. එම චක්‍රලේඛය අනුව බලය පැවරී ඇති අවමංගල්‍යාධාර ගෙවීම් වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබා දී ඇති නමුත්, එම මුදල ශිෂ්‍යාවගේ පියා විසින් ප්‍රතික්ෂේප කරන බව ලිපියක් මඟින් දැනුම්දී ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks