පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
239/’15
ගරු විමලවීර දිසානායක මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රුපියල් ලක්ෂ දෙකකට හෝ ඊට අඩු මුදලකට බැංකුවලට උකසට තබා ඇති, රන් භාණ්ඩ බේරා ගැනීමේදී ජනතාවට සහනයක් ලෙස ඒ සඳහා අය කෙරෙන අධික පොළිය හා දඩ මුදල් කපා හැරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ නම්, ඒ සඳහා අදාළ බැංකුවලට යවන ලද චක්‍රලේඛ පිටපත් සභාගත කරන්නේද;
(ii) එක් එක් බැංකුව මගින්, එසේ පොළී හා දඩ මුදල් කපා හැර ඇති, ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒ සඳහා රජය මගින් අදාළ බැංකුවලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේද;
(iv) එසේ නම්, එම මුදල් ප්‍රමාණය, එක් එක් බැංකුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-09
අසන ලද්දේ
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් ඇමුණුම 1 සභාගත* කරනවා.
(ii) ප්‍රතිලාභීන් සංඛ්‍යාව හතළිස් එක්දහස් පන්සිය දෙකකි. (41502)
ලංකා බැංකුව - 3084
මහජන බැංකුව - 1360
නිවාස සංවර්ධන මූල්‍ය සමාගම - 0008
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව - 0001
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - 31698
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - 4568
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - 0783
(iii) ඔව්.
(iv) එම මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන්;
ලංකා බැංකුව රුපියල් 10,950,370.24
මහජන බැංකුව රුපියල් 4,261,910.82
නිවාස සංවර්ධන මූල්‍ය සමාගම
රුපියල් 72,734.07
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව රුපියල් 1,705.26
ජාතික ඉතිරිකිරීමේ බැංකුව
රුපියල් 75,855,176.91
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
රුපියල් 4,216,640,000.00
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
රුපියල් 2,927,235.81
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-01-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කබීර් හෂීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks