01

E   |     |  

 දිනය: 2015-12-03   පිළිතුර ලබා දී ඇත 

0206/2015: වතු ආශ්‍රිතව ජීවත්වන දමිළ ජනතාව : සමීක්ෂණ තොරතුරු

206/’15

 

ගරු හේෂා විතානගේ මහතා,— කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       ශ්‍රී ලංකාවේ වතු ආශ්‍රිතව ජීවත්වන දමිළ ජනතාව පිළිබඳව සහ වතු ආශ්‍රිත ලයින් කාමර පිළිබඳව සමීක්ෂණයක් සිදුකර තිබේද;

           (ii)        එසේ නම්, වතු ආශ්‍රිත නිවාස, ලයින් කාමර හා ඒ ආශ්‍රිතව ජීවත්වන ජන සංඛ්‍යාව කොපමණද;

(iii) එහි පාසල් යන  වයසේ දරුවන් සංඛ්‍යාව සහ ඒ අතරින් පාසල්  නොයන දරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) විදුලිබල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වතු ආශ්‍රිතව ජීවත්වන දමිළ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරන්නේද;

(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

(iii) වතු ආශ්‍රිත ජනතාවගේ ලයින් කාමර මුල්කරගත් ජීවිතය නිමාකර ඔවුන් විධිමත් නිවාස තුළ පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් තිබේද;

(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ නිම කිරීමට බලාපොරොත්තු වන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-03

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වතු ජනතාව පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනු ලැබේ.

              (ii)      2014 වර්ෂයේ සිදු කරන ලද ඉහත සමීක්ෂණය අනුව පදිංචි පවුල්වල විස්තරය මෙසේය:

 

 

නිවාස වර්ගය

නිවාස සංඛ්‍යාව

පවුල් සංඛ්‍යාව

තනි ලයින් කාමර

71,653

81,904

ලයින් කාමර ද්විත්ව

70,229

76,305

තාවකාලික නිවාස

14,316

14,511

උප එකතුව

156,198

177,720

ලබා දුන් තනි නිවාස

32,614

32,146

ද්විත්ව නිවාස

27,962

33,868

තට්ටු ලයින් කාමර

1378

1654

උප එකතුව

61,954

67,666

මුළු ගණන

240,388

996,185

              (iii)      ඉහත ජනගහනය තුළ පාසල් යන වයසේ දරුවන් සංඛ්‍යාව 233,421කි. එයින් පාසල් නොයන දරුවන් සංඛ්‍යාව 4,117 කි.

              (iv)      විදුලිබල පහසුකම් නොමැති පවුල් සංඛ්‍යාව මුළු පවුල් සංඛ්‍යාවෙන් 17%ක් පමණ වේ. සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් සංඛ්‍යාව 45,070 කි.

 

(ආ) (i) ඔව්. ඒ සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වේ.

(ii) වතු ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා පහත අංගයන්ගෙන් සමන්විත වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

1. පානීය ජලය සැපයීම:

                       පානීය ජල පහසුකම් 85%කට ලබා දී තීබේ.

2. සනීපාරක්ෂක පහසුකම් සැපයීම:

                        ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් සැපයූ පවුල් සංඛ්‍යාව 73%කි.

3. ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම:

                        ඒ අනුව මේ වන විට ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1255ක් සංවර්ධනය කර ඇත. ළමා සංවර්ධන නිලධාරින් 738ක් සඳහා අදාළ පුහුණුව ලබා දී ඇත.

4. වෘත්තීය පුහුණුව සැපයීම:

                        ඒ අනුව මේ වන විට වෘත්තීය පුහුණු වැඩසටහන් 664ක් ක්‍රියාත්මක කර ඇත.

5. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම:

    වතුකරයේ ආරෝග්‍ය ශාලා 56න් 36ක් රජයට පවරා ගෙන සංවර්ධනය කිරීමට කටයුතු  කර ඇති අතර, මාතෘ නිවාස හා බෙහෙත් ශාලා 153ක් ක්‍රියාත්මක වන අතර, ඒවායේ කාර්ය මණ්ඩලය 218ක් ද, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 301ක්ද සේවය කරති. ඔවුනට අදාළ වන පුහුණුව සපයනු ලැබේ. තවද, වතු සෞඛ්‍ය නිලධාරින් 301 දෙනෙකු සහ පවුල් සුභ  සාධන නිලධාරින් 304 දෙනෙකුට පුහුණුව ලබා දී තිබේ. ඔවුන් මඟින් දෙමාපියන් 10,000කට පමණ පුහුණු වැඩසටහන්/ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත.

(iii) ඔව්.

(iv) වසර 10කට සැලසුම් කරන ලද ක්‍රියාකාරී සැලැස්මෙහි පළමු අදියර ලෙස වසර 5ක් තුළ   ක්‍රියාත්මක වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks