01

E   |     |  

 දිනය: 2015-12-04   පිළිතුර ලබා දී ඇත 

0203/2015: දකුණු පළාත් අභ්‍යාසලාභී උපාධිධාරින් : ස්ථිර පත්වීම්

203/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      අභ්‍යාසලාභී උපාධිධාරීන්ට, සංවර්ධන සේවා ව්‍යවස්ථාවට අනුව ස්ථිර            පත්වීම් ලබාදීම සඳහා අංක 12/0030/523001 හා 2013.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අනුමතිය ලැබී ඇති බවත්;

(ii) එසේ දකුණු පළාත් ස්ථිර රාජ්‍ය සේවය සඳහා බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පත්වීම් දිනය ලෙස, වසරක පුහුණු කාලය අවසන් වූ දිනය හෝ එම දිනය රජයේ නිවාඩු දිනයක් වේ නම්, එයට පසුව යෙදෙන පළමු  වැඩකරන දිනය ලෙස සලකන මෙන්, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තම අංක CS/DOS/21 හා 2014.11.18 දිනැති  ලිපිය මගින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත දන්වා ඇති බවත්;

(iii) දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක CSS/2/13/GRAD/1-V හා 2014.08.12 දිනැති තීරණය ප්‍රකාරව, G/SP/12/08 හා 2014.11.18 දිනැති ආණ්ඩුකාර තීරණය මගින්, මාතර දිස්ත්‍රික්කය සඳහා බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් 313 දෙනෙකු වසරක පුහුණු කාලයෙන් පසු ස්ථිර පත්වීම් සඳහා හිමිකම් ලැබූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) දකුණු පළාත් ස්ථිර රාජ්‍ය සේවයට අභ්‍යාසලාභී උපාධිධාරීන් අන්තර්ග්‍රහණය කර ඔවුන්ට හිමි හිඟ වැටුප් සහ සේවා කාලය ලබාදෙන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-04

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2012 වර්ෂයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ උපාධිධාරි අභ්‍යාසලාභින් ලෙස බඳවා ගන්නා ලද 50,821ක් අතුරින් පුහුණුව සාර්ථකව නිම කරන ලද 41,284ක් සඳහා අංක 12/0030/523001 හා 2013.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව මධ්‍යම රජය යටතේ ස්ථිර පත්වීම් ලබා දෙන ලදී.

(ii) දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක CSS/21/13/GRAD/I-IV හා 2014.09.24 දිනැතිව යොමු කරන ලද ලිපිය අනුව උපාධිධාරි අභ්‍යාසලාභින්ට ලබා දුන් සංවර්ධන නිලධාරි ස්ථිර පත්වීම් ලිපියෙහි පත්වීම් දිනය ලෙස සැලකිය යුත්තේ පත්වීම් ලිපියෙහි සඳහන් පත්වීම බලපැවැත්වෙන දිනයද, එසේත් නොමැති නම් පත්වීම් ලිපිය ප්‍රකාරව සේවයට වාර්තා කළ දිනයද යන්න විමසීමට පිළිතුරු ලෙස ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් CS/DOS/21 අංක 2014.11.18 දිනැතිව මේ බව දන්වා යවා ඇත.

(iii) 2012 වර්ෂයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ බඳවා ගන්නා ලද අභ්‍යාසලාභි උපාධිධාරින් අතුරින් වසරක පුහුණු කාලය නිම කළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල යටතේ අතිරික්ත නිලධාරින් ලෙස සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් 313දෙනකුහට 2015.01.01 දින සිට දකුණු පළාත් සභාව යටතේ ස්ථිර පත්වීම් නිකුත් කරනු ඇත.

(ආ) 2012 වර්ෂයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ බඳවා ගන්නා ලද අභ්‍යාසලාභි උපාධිධාරින් අතුරින් අතිරික්ත පදනමින් සිට දකුණු පළාත් රාජ්‍ය සේවයට ස්ථිර පත්වීම් ලද නිලධාරින්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුහුණුව ලැබූ නිලධාරින්ට, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත කරමින් මේ වන විටත් පත්වීම් ලිපි නිකුත් කර ඇති අතර හිඟ වැටුප් ගෙවීමට අදාළ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සිදු කළ යුතුය. මාතර දිස්ත්‍රික්කය තුළ පුහුණුව ලබන නිලධාරින්ට වර්ෂයක පුහුණුව නිම කළ දින සිට ක්‍රියාත්මක වන පරිදි මාතර දිස්ත්‍රික් කාර්යාලයට අනුයුක්ත කරමින් මේ වන විටත් පත්වීම් ලිපි නිකුත් කරමින් පවතින අතර, හිඟ වැටුප් ගෙවීම මාතර දිස්ත්‍රික් කාර්යාලය මඟින් කෙරෙනු ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks