පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
165/’15
ගරු ලකී ජයවර්ධන මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 1977 සිට දීර්ඝ කාලයක් උඩුනුවර මැතිවරණ බලප්‍රදේශය පුරා යටිනුවර ඩිපෝව මගින් ක්‍රමවත් බස්රථ සේවාවක් උඩුනුවර මගී ජනතාවගේ පහසුව සඳහා යොදා තිබූ බවත්; සහ
(ii) ප්‍රාදේශීය මට්ටමින් ඩිපෝ පවත්වාගෙන යමින් ප්‍රදේශයේ මගී ජනතාවට පහසුකම් සැලසීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අරමුණ වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත අ (i) හි සඳහන් කාලය තුළ බස්රථ ධාවනය කළ මාර්ග හා මාර්ග අංක කවරේද;
(ii) එම මාර්ගවලින් යටිනුවර ඩිපෝව මගින් මේ වනවිට බස්රථ ධාවනය නොකරන මාර්ග කවරේද; සහ
(iii) දැනට බස්රථ ධාවනය කරන මාර්ග, මාර්ග අංක හා වේලාවන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට යටිනුවර ඩිපෝව මගින් ධාවනය නතර කර ඇති කලින් බස්රථ ධාවනය කළ මාර්ගවල යළි බස්රථ ධාවනය කරලීමට කටයුතු කරන්නේද; සහ
(ii) එසේනම්, ඒ කවර දිනක සිටද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-21
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) යටිනුවර ඩිපෝව මඟින් උඩුනුවර ආසනයේ ඉහත කාල වකවානුව තුළ බස් රථ ධාවනය වූ මාර්ග පිළිබඳ ලැයිස්තුවක් තිබෙනවා. එම ලැයිස්තුව මා සභාගත* කරනවා.
(ii) මාර්ග 9ක් තිබෙනවා. එම ලැයිස්තුව මා සභාගත* කරනවා.
(iii) ඇමුණුම 01 වශයෙන් දක්වා ඇත. ඇමුණුම 01 සභාගත* කරනවා.
(ඇ) (i) ඔව්.
(ii) යටිනුවර ඩිපෝව මඟින් උඩුනුවර ආසනය තුළ මාර්ග 09ක බස් රථ මේ වන විට ධාවනය නොකරන අතර, එම බස් රථ ධාවනය කිරීම සඳහා සේවක කණ්ඩායම් 13ක්, එනම් රියැදුරන් 13දෙනකු සහ කොන්දොස්තරවරුන් 13දෙනකු අවශ්‍ය වේ.
යටිනුවර ඩිපෝවේ දැනට සිටින රියැදුරන් සඛ්‍යාව 123ක් සහ කොන්දොස්තරවරුන් සංඛ්‍යාව 122කි. මෙම සේවක කණ්ඩායම්වලින් ඵලදායි සේවක සංඛ්‍යාව පහත පරිදි වේ.
රියැදුරන් 123න්
අනුචිත සේවයේ 02
සැහැල්ලු සේවයේ 06
සේවය තහනම් හා අත්හිටවූ 06
එකතුව 14
ඒ අනුව ඵලදායී රියැදුරු සංඛ්‍යාව 109කි.
කොන්දොස්තරවරුන් 122න්
අනුචිත සේවයේ 07
සැහැල්ලු සේවයේ 01
සේවය තහනම් වූ හා අත්හිටවූ 11
එකතුව 19
ඒ අනුව ඵලදායී කොන්දොස්තරවරුන් සංඛ්‍යාව 103කි.
පෙර සිටි අධිකාරින් විසින් රියැදුරු සහ කොන්දොස්තර මහතුන් අනුචිත සේවයේ සහ සැහැල්ලු සේවයේ යොදවා ඇති බැවින් මෙම තත්ත්වය පැන නැඟී ඇත. මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා මෙම සේවක කණ්ඩායම් අදාළ සේවයට යොමු කරවීම සඳහා මා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සභාපති මඟින් ඩිපෝ කළමනාකාරිත්වය වෙත උපදෙස් ලබා දී ඇත. නමුත් විවිධ වෘත්තීය සමිති සහ අදාළ සේවක කණ්ඩායම්හි අකැමැත්ත මත ඔවුන් අදාළ රාජකාරින් සඳහා වාර්තා කර නොමැත. මෙම තත්ත්වය ඉදිරියේදී සමතයකට පත් කර ගැනීමෙන් පසු ඉහත ධාවනය නොකරන මාර්ගවල බස් රථ ධාවනය කරවීමට කටයුතු කරනු ලැබේ.
ගරු මන්ත්‍රීතුමනි, එහි සිදු වී තිබෙන තත්ත්වය මෙයයි. අපේ ආණ්ඩු දෙක කාලය තුළදීම එහි සිටින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ඒ ඒ කාර්යයන් සඳහා යොදවා ගන්නේ නැතුව ''අනුචිත සේවය'' කියා වෙනත් කාර්යාලවල සේවයට යොදවා ගෙන තිබෙනවා. ඒ අනුව අනුචිත සේවයේ සිටින අය ඉන්නවා, සැහැල්ලු සේවයේ සිටින අය ඉන්නවා, මෑත කාලයේදී වැඩ තහනම් වූ අය ඉන්නවා. මේ ආකාරයෙන් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ගණනාවක් ඉන්නවා. මුළු මහනුවර දිස්ත්‍රික්කය තුළ ගත්තත් අනුචිත සේවයේ සිටින අය ඉන්නවා. මුළු ලංකාවේම රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මිකයන් 1,052දෙනකු පමණ අනුචිත සේවයේ ඉන්නවා. ඇත්ත වශයෙන්ම අනුචිත සේවයේ යෙදීම පිළිබඳව අපට තීරණයක් ගත යුතුව තිබෙනවා. ඔවුන් අනුචිත සේවයෙන් ඉවත් කරලා බස් රථවල කොන්දොස්තරවරුන් හා රියැදුරන් ලෙස කටයුතු කරන ලෙසට මා දන්වා තිබෙනවා. නමුත් වෘත්තීය සමිති පැත්තෙන් ඒ සඳහා විශාල විරෝධයක් ඇති වෙලා තිබෙනවා. එම නිසා ඒ පිළිබඳව දැනට වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ගෙන යනවා. ඒ දිස්ත්‍රික්කය තුළින්ම රියැදුරන් 13දෙනකු සහ කොන්දොස්තරවරුන් 13දෙනකු සොයා ගන්න පුළුවන්. මා ඊයේත් ඩිපෝ කළමනාකාරවරුන්ට උපදෙස් දුන්නා, අතිරික්ත තැන්වලින් 13දෙනකු එවන්න කියලා.
ඒ අයව එවපු හැටියේම මේ පිළිබඳව කටයුතු කර, තමුන්නාන්සේගේ ඉල්ලීම පරිදි නැවත බස් ධාවනය කරවීමට කටයුතු කරනවා. ඒ සඳහා මට සුළු කාල පරාසයක් දෙන්න. මොකද, සෑම වෘත්තීය සමිතියක්ම මෙවැනි අනුචිත අයව නැවත සේවයට ගැනීම පිළිබඳව විරෝධය පළ කර තිබෙනවා. මෙහිදී වෘත්තීය සමිතිත් සමනය කර ගෙන කටයුතු කරන්න ඕනෑ. ඒකයි මට තිබෙන ප්‍රශ්නය.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks