01

E   |     |  

 දිනය: 2015-11-24   පිළිතුර ලබා දී ඇත 

0163/2015: ගොවි ජනතාවට ගිනි අවි ලබා දීම : ක්‍රමවේදය

163/’15

 

ගරු චන්දිම ගමගේ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      තම වගා බිම් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි ජනතාවට ගිනි      අවි ලබා දෙන ක්‍රමවේදය කවරේද;

              (ii)       අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙලෙස නිකුත් කර ඇති ගිනි අවි සංඛ්‍යාව කොපමණද;

(iii) ඒ අනුව ගිනි අවි ලබා ගෙන ඇති සෑම දෙනාම අවශ්‍ය සුදුසුකම් සපුරා තිබේද;

(iv) නොඑසේ නම්, ඔවුන්ට ගිනි අවි නිකුත් කරන ලද පදනම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සුදුසුකම් සපුරා ඇති සෑම දෙනාටම කිසිදු බාධාවකින් තොරව නිසි බලධාරීන් හමුවී ගිනි අවියක් ලබා ගැනීමේ හැකියාවක් තිබේද;

(ii) නොඑසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-24

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1916 අංක 33 සහ පසුව සංශෝධිත තුවක්කු ආඥාපනතට අනුව සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් සඳහා ඔහුගේ නමින් වසරක කාලයක් සඳහා බලපවත්වන පරිදි ගිනි අවියක් ලබා ගැනීමට වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරේ.

          සුදුසුකම්:

               1.       අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය.

               2.      අදාළ කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයාගේ නිර්දේශය.

3. අක්කර 5කට වැඩි වගා ඉඩමක් ඇති බවට සහතිකයක් සහ එම ඉඩමෙහි අයිතිය අයදුම්කරු සතු බවට ඔප්පු හෝ බලපත්‍ර තිබීම.

4. වගා හානි සහතිකයක් තිබීම. (අයදුම්කරු‍ගේ වගා ඉඩම්වලට වන සතුන්ගේ හානි සිදු වන බව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි, කෘෂි නිලධාරි, සමෘද්ධි නිලධාරි විසින් තහවුරු කර තිබීම.)

5. වගා ඉඩමෙන් ආදායම උපයන බවට තහවුරු කරන ලද ආදායම් සහතිකය.

ඉන් පසු, වාර්ෂිකව බලපත්‍ර දීර්ඝ කිරීම දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදු කරනු ඇත.

(ii) 1739 යි.

(iii) ඔව්.

(iv) පැන නොනඟී.

(ආ) (i) සුදුසුකම් සපුරාලන සහ ගිනි අවියක් ලබා දීම සුදුසු බවට අදාළ ආයතන විසින් නිර්දේශ කරනු ලබන අයදුම්කරුවන්ට තුවක්කු ආඥාපනත යටතේ ගිනි අවියක් ලබා ගැනීමේ හැකියාව ඇත.

(ii) පැන නොනඟී.

(ඇ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2015-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks