බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-23   පිළිතුර ලබා දී ඇත 

0160/2015: රජ‍යේ සහතික මිලට වී මිලදී ගැනීම : ක්‍රමවේදය

160/’15

 

ගරු තාරක බාලසූරිය මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      රජ‍යේ සහතික මිලට වී මිලදී ගන්නා දිස්ත්‍රික්ක සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම දිස්ත්‍රික්ක කවරේද;

            (iii)      අනිකුත් දිස්ත්‍රික්කවල ගොවීන්ට තම නිෂ්පාදන රජයේ සහතික මිලට අලෙවි කර ගැනීමට ක්‍රමවේදයක් ඇතිකර තිබේද;

(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

(v) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) රජයේ සහතික මිලට වී මිලදී ගන්නා දිස්ත්‍රික්කයක් ලෙස අනුමත කර නොමැති දිස්ත්‍රික්කවල අවම වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට වී මිලදී ගැනීමේ නියෝජිත ධූරයක් ලබා දීමට කටයුතු කළ හැකිද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-23

අසන ලද්දේ

ගරු තාරක බාලසූරිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      දැනට දිස්ත්‍රික්ක ගණන 19යි.

              (ii)      පොළොන්නරුව, අම්පාර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, මහනුවර, බදුල්ල, අනුරාධපුර, මාතර, හම්බන්තොට, මොණරාගල, රත්නපුර, කිලිනොච්චිය, මුලතිවු, වව්නියාව, මන්නාරම, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය.

              (iii)      තිබේ.

              (iv)      දිස්ත්‍රික් ලේකම් මඟින් අතිරික්ත වී තොග මිලදී ගත යුතු බවට ඉල්ලීම් ලැබෙන අවස්ථාවල මිලදී ගැනීම් සිදු කරනු ලැබේ.

               (v)      පැන නොනඟී.

(ආ) ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට වී මිලදී ගැනීමේ නියෝජිත ධුරයන් ලබා දීමේ අවශ්‍යතාව පැන නොනඟී. දැනටමත් සමහර දිස්ත්‍රික්කවල ගොවිජන සේවා මධ්‍යස්ථානවල ජංගම සේවා මඟින්  වී මිලදී ගෙන වී අළෙවි මණ්ඩලයේ ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අමීර් අලි සිහාබ්දින් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks